චීන ව්‍යාපාරිකයන්ට ජනපති රනිල්ගෙන් ඇරයුම්!

0
402

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පස්වරුවේ බීජිං නුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ පැවති ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට සහභාගී වූ අතර එහිදී, තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින්, අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කර ඇත.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන චීන ව්‍යාපාරික සමාගම් රැසක නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.

මේ පිලිබඳ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??