මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතියි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව, සංචාරක හොටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා දැමීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ,

“ශ්‍රී ලංකාව තුළ සංචාරකයින්ට අවශ්‍ය ආහාරපාන හා සේවා පහසුකම් සපයනු ලබන විවිධ සංචාරක ස්ථාන සඳහා සංචාරක අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද, යෝජනාවකට අනුව මෙැවනි ස්ථාන සඳහා පහසුවෙන් සුරාබදු බලපත්‍ර ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් පිළියෙල කරනු ලැබුවා. එම ස්ථාන අනුව මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීමට කටයුතු කළා. එය ඇත්තටම ලබා දුන්නේ අවසරයක් ඇතිව. මේ අවස්ථාව වෙන විට දිවයින පුරා 400කට අධික ස්ථාන සංඛ්‍යාවකට එම අවසර පත්‍ර ලබාදී තියෙනවා. කෙසේ වෙතත් මේ සතියේ සිට එම බලපත්‍ර ලබාදීම තාවකාලිව නවතා තිබෙනවා අධිකරණය මඟින් ලබාදුන් වාරණ නියෝගයකට අනුව. ඉදිරියේ දී එම බලපත්‍ර ලබාදීමට සුදුසු පියවරක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.” ලෙස අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...