විමල් නිවාස ඇමති කාලේ ඇපකරුවන් නැතිව කෝටි 1000 ක ණය දීලා – කෝප් කමිටුවේදී හෙළිවෙයි !

Date:

2011 වසරේදී නිවාස සංවර්ධන අධිකාරිය කිසිදු ඇපකරුවකු නොමැතිව රුපියල් මිලියන 10,000 කට අධික මුදලක නිවාස ණය ලබාදී ඇති බවත් මේ වනවිට එම ණයවල පොලිය එම අධිකාරියට ගෙවීමට සිදුව ඇති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.

නිවාස සංවර්ධන අධිකාරිය අලාභ ලැබීම සම්බන්ධයෙන් විමසද්දී එහි සභාපති රජීව් සූරිය ආරච්චි මහතා කෝප් කමිටුව හමුවේ පවසා තිබුණේ මෙසේය,

“අලාභ ලබනවා කියන දේ තේරුම.. මේ නිවාස සංවර්ධන අධිකාරිය සතු වනවා එක එක දේශපාලන පක්ෂවලට. එක එක අමාත්‍යවරුන්ට.”

“උදාහරණයකට, 2011දී උපහාර කියලා දීලා තියෙනවා මිලියන 10,000 ගාණක් ණය. ඒ ණය ක්‍රියාත්මක කරලා තියෙන්නේ විවිධ බැංකු විසින්.”

“මේකට කිසිදු ඇපයක් නැහැ. ඇප වෙලා තියෙන්නේ නිවාස සංවර්ධන අධිකාරියේ තියෙන ගිණුම් ටික සහ සල්ලි.”

“මිලියන දස දහස් ගාණක් දීලා තියෙනවා. ඇත්තටම ලොකු සාපයක් අපිට වෙලා තියෙන්නේ. මොකද අපි අමාරුවෙන් එකතු කරගන්න සල්ලි ටික මාසේ අන්තිමට පොලියට කපලා දානවා. සාමාන්‍යයෙන් අපි ඇපකරුවෝ දෙන්නෙක් ගන්නවානේ. ගැනුම්කරුවා ගෙව්වේ නැත්නම් අපි ඒගොල්ලන්ට එරෙහිවනේ නීතිමය පියවර ගන්නේ. අද එහෙම පියවරක් ගන්න විදියක් නැහැ. දැන් බැංකුව කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මොකද බැංකුවට නිවාස සංවර්ධන අධිකාරියේ ගිණුම උකස් තියලා ඉවරයි.”

“මේ වනවිට මිලියන 559ක් ඇරියස් තියෙනවා. තව මිලියන 401ක් තියෙනවා මේක සෙට්ල්වෙන්න. කොහොමද අපි ලාභ ලබන්නේ?”

2011 වසර වනවිට නිවාස, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා සහ පොදු පහසුකම් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ය. එවකට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූයේ ජානිපෙ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා ය.

මෙම නිවාස ණය පිරිනැමීම පිළිබඳව විමල් වීරවංශ මහතා 2011 වසරේදී කළ ප්‍රකාශයකට අදාළව දිනමිණ පුවත්පත පළ කළ පුවතක් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...