මිල පාලනයට රජය සූදානම් – ලසන්ත අලගියවන්න

Date:

සහල්, සීනි, කිරිපිටි, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයෙන් රජය ඉවත්වීමත් සමග ඇතැම් ව්‍යාපාරිකයන් අයුතු ලෙස ලාභ ලබමින් පාරිභෝගිකයන් ගසාකෑමට දරන උත්සාහය පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

සිංහල අවුරුදු සමයට පෙර යළිත් මිල පාලනය කිරීමට රජය මැදිහත් වන බවත් භාණ්ඩ සුලබ කරමින් මිල පාලනය කිරීමට සූදානම් බවත් ඇමතිවරයා පවසනවා.

අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් හිගයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සඳහා මුදල් අමාත්‍යවරයාගෙන් සභාපතිත්වයෙන් අන්තර් අමාත්‍යංශ කමිටුවක් පත්කර ඇති බවද අලගියවන්න මහතා සඳහන් කරයි.

වතුකරයේ ජනතාව වෙනුවෙන් මසකට තිරිඟු පිටි කිලෝ 15 ක් සහන මිල ලබාදීමේ වැඩපිළිවෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගිවෙමින් ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කළේය. තලවකැලේ මැදකුඹුර වතුයායේදී පැවති මෙම උත්සවයේදී වතුකරයේ ජනතාව සඳහා රුපියල් 80 බැගින් තිරිඟු පිටි කිලෝ 15 ක් ලබා දුන්නේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 25) දිනයේදී බස්නාහිර සහ...

යුද්ධවලට බිය නොවන්න, තෙල් ගෙන්වන සැටි අපි පෙන්වන්නම් – ඇමති ඉංජිනේරු කුමාර

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාවට අවශ්‍ය ඉන්ධන ලබාදීමේ වගකීම ජාතික...

බොරැල්ලේ වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල බොරැල්ල, හල්ගහකුඹුර වත්ත (ඩම්ප් එක වත්ත)...