සිඩ්නි ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ 16 දෙනාගේ වටයෙන් අට දෙනාගේ වටයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවේ රනිත්මා ලියනගේ සමත් වුණා.ඇය ඒ ආකාරයට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙද්දී නොවැම්බර් 14 සිට 19 දක්වා පැවත්වෙන බහරේන් විවෘත ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ පිරිමි අංශයට ඉදිරිපත් වන ක්‍රීඩකයින් අතර පළමු තැන හිමි කර ගන්නට විරේන් නෙත්තසිංහ සමත්ව සිටිනවා.
රනිත්මා 32 ක් සහභාගි වූ තරග වටයටත් වඩා පහසුවෙන් 16 දෙනාගේ තරග වටයේදී පළමු අට අතරට එන්නට සමත්ව තිබෙනවා.ඇය 16 දෙනාගේ වටයේදී ඔස්ට්‍රේලියාවේ අයිරා සමීර් ආචාර්යා පරාජයට පත් කළේ විනාඩි 19 ක් ඇතුළතයි.එහිදී 21 – 8 සහ 21 – 2 ක් ලෙස ලකුණු පූවරුව ප්‍රදර්ශනය වුණා.නෙත්තසිංහ මේ වන විට සිය 78 වන ස්ථානය 80 වන ස්ථානය දක්වා යම් වැටීමක් පෙන් වුව ද බහරේන් සූරතාවලියේදී ඔහු ඉහළම ශ්‍රේණිගත අගය සහිතව තරගයට ඉදිරිපත් වෙමින් ඒ සමාන දස්කම් දක්වමින් ඉදිරියට එනු ඇතැයි යන්න ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි.
පවතින තත්ත්වය අනුව ඔහුට රටකට හිමිවන සීමිත නියෝජනය ද සැළකුව විට ඔලිම්පික් නියෝජනය සඳහා අවස්ථාවක් දිනා ගන්නට බෙහෙවින් ඉඩක් තිබෙන බව පැහැදිළි වෙනවා.එසේම මේ තරගයට ශ්‍රී ලංකාවෙන් දුමිදු අබේවික්‍රම ද ඉදිරිපත් වී සිටිනවා.ඔහු සිය බැඩිමින්ටන් ජීවිතයේ ඉහළම ස්ථානය ලෙස මේ වසරේ දී 186 වන ස්ථානයේ පසු වී මේ වන විට 194 වන ස්ථානයේ සිටිනවා.ඔහු සහභාගීත්වය ශ්‍රේණිගත කිරීමේදී සිටින්නේ 11 වන තැනයි.මේ අතර රනිත්මා ලියනගේ ද මේ වන විට 310 වන ස්ථානයේ සිට 311 වන ස්ථානයට පැමිණ සිටියත් ඇය සිඩ්නි තරගාවලියේ දි දක්වන දක්ෂතා සළකා බලද්දී ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් කර ගැනීමට සමත් වනු ඇතැයි සිතිය හැකියි.ඇයට අර්ධ අවසන් පූර්ව තරගයේදී හමුවන්නේ සවුන්නා ලී ක්‍රිඩිකාවයි.
ඇය ජාත්‍යන්තර තරග සහභාගීත්වය මත මේ වන විට 200 වන ස්ථානයේ පසුවන ක්‍රිඩිකාවක්.ඇය නියෝජනය කරන නවසීලන්තයේ පැවති වික්ටර් ඕෂනියා සූරතාවලියේ කේවල ජයග්‍රහණයද ලබා ගත් ක්‍රිඩිකාවයි.මේ වසරේ මුල භාගයෙ 450 වන ස්ථානයේ පමණ සිටියදී සවුන්නා ජය ලැබූ තරගාවලියත් සමඟ විශාල පිම්මක් ඉදිරියට පැමිණ 181 සහ 176 වන ස්ථානවලට පැමිණෙන්නට සමත් වී තිබෙනවා.නමුත් හෙට රනිත්මා ඇයට වඩා අඩු සහභාගීත්වයකින් යම් ප්‍රගතියක් ලබා ඇති ක්‍රීඩිකාවක් ලෙස ඇයට අභියෝගයක් ඇති කිරීමට හැකි මට්ටමක පසුවෙනවා.
සටහන – නිෂ්මං රණසිංහ
