ලබන 25 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් !

0
1196

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන (ඔක්තෝබර්) 25 වනදා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මෙහිදී වෙන්දේසි කිරීමට නියමිත වන්නේ, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන35,000ක භාණ්ඩාගාර බිල්පත් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??