මුහුදු කලාපය නිරීක්ෂණය සඳහා නවීන පන්නයේ නව ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවට

Date:

සටහන -නදීක දයා බණ්ඩාර

මහනුවර(LNW):
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සඳහා නවීන පන්නයේ ගුවන් යානා දෙකක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට හිමිවන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ මහතා පවසයි.

Beach King 360 ER මාදිලියේ ගුවන් යානයක් මෙම වර්ෂයේදී ඇමරිකාවෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ඕස්ට්‍රේලියාවෙන් එවැනි ගුවන් යානයක් ලබන වර්ෂය මුලදී හිමිවන බව ද ගුවන් හමුදාපතිවරයා කීවේය.

ගුවන් හමුදාපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී දළදා මාලිගාවේදී වාර්ෂිකව සංවිධාන කරන දානමය පුණ්‍ය කර්මය නිමිත්තෙන් මහනුවරට පැමිණ අද (23) සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

අස්ගිරි මහා විහාරයට පැමිණි ඒ මහතා එහිදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැටු අතර අනතුරුව මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා උන්වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරතවූහ.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් රටවල් රැසක ආරක්ෂක අංශවල දායකත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වූ බව ද කීවේය. ඒ සඳහා කලාපීය රටවල් ගණනාවක සහයෝගය හිමිවන බවත් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ආරක්ෂාව සෙසු රටවල් සඳහා ද සෘජුව බලපාන බව ගුවන් හමුදාපතිවරයා කීහ.

මෙරට මුහුදු ආවේක්ෂණය සඳහා ඉන්දියානු නාවුක හමුදාව මගින් දෝණිය 228 විශේෂ යාත්‍රාව ශ්‍රී ලංකාවට හිමිවන බවත් කී ඒ මහතා මුහුදු මංකොල්ලකරුවන්, මෙරට සාගරය හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, මිනිස් ජාවාරම්කරුවන් නිරීක්ෂණය ආදී සාගර කලාපයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා මැදිහත්වන බවත් කීවේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනේ සිට මුහුදු කලාපය නිරීක්ෂණය කොට අදාල දත්ත හා තොරතුරු ශ්‍රී ලංකා නාවුක හමුදාවට ලබා දෙන බව කී හෙතෙම මුහුදු කලාපයේ වැටලීම් එම හමුදාව විසින් කරන බව කීවේය. මෙම සියලු වැටලීම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවුක් හමුදාව, යුද හමුදාව හා විශේෂ කාර්යය බලකාය එක්ව සිදුකරන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...