හම්බේගමුව, මයිලවෙල ප්රදේශයේ පිරිසක් විසින් වසර 20ක් තිස්සේ භුක්ති විඳි ඉඩමකින් ඔවුන්ව ඉවත් කිරීම සඳහා JCB යන්ත්රයක් ද රැගෙන පැමිණි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ගයාෂාන් නවනන්ද මහතාට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
සිය ආධාරකරුවන් පිරිසක් ද සමග පෙරේදා (19) දිනයේදී ඒ මහතා එහි ගොස් තිබුණු අතර එක් පුද්ගලයෙකු සිද්ධිය වීඩියෝ පටිගත කළ කාන්තාවකට පොරවක මිටෙන් පහරදෙන ආකාරය ද පටිගත වී තිබිණි. එමෙන්ම ගයාෂාන් මන්ත්රීවරයාගේ ආධාරකරුවන් තමන්ට පහරදුන් බවට තවත් අයෙකු එහිදී චෝදනා කරන ආකාරය ද දක්නට හැකි ය.
RN