පාසල් බස් රථයක් තුළ දැරිවියක් සමූහ දූෂණයට ලක්වීම ගැන කතා කරන බොහෝ දෙනා,ඔවුන්ට මරණ දඬුවම දීම,ප්‍රසිද්ධියේ මරණ දඬුවම දීම,ආයුධ පෙන්වීමට රැගෙන යාම,ආදිය යෝජනා කරනු දැකිය හැකිය.
එය එක අතකින් පවතින නීතියේ දුර්වලතා,නීතිය ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහයන්ගේ දුර්වලතා හා එහි වගකීම් දරන පුද්ගලයන්ගේ අකාර්යක්ෂමතාව හා දූෂණය,සම්පත් හිඟකම නිසා නීති කෘත්‍ය ප්‍රමාද වීම ආදිය නිසා සමස්තයක් ලෙස නෛතික ක්‍රියාදාමය කෙරෙහි වන අප්‍රසාදය හා අවිශ්වාසය පල කරයි.
අනික් අතින් ලාංකිය සමාජය මුල් බැස පවත්වා නිධන් ගත ප්‍රචණ්ඩත්වයේ එක් ආකාරයක් ලෙස ද “මරණ දඬුවම ” පිළිබඳ මේ ආසාව ප්‍රකාශයට පත් වෙයි.
නමුත් මරණ දඬුවම යනු තව දුරටත් මනුෂ්‍ය ශිෂ්ටාචාරයට අවශ්‍ය දෙයක් නොවේ.එය “අවශ්‍යයැ”යි හැඟුණු යුගයේ දී පවා භාවිතා කොට ඇත්තේ බලය ඇත්තවුන්ගේ සුරක්ෂිතතාව හා තිරශ්චීන ආසාවන පරිපූර්ණ කරනු සඳහාය.
‘ දැරියකට ඒ තරම් අපරාධයක් කළ අයට පවා මරණ දඬුවම දීමට විරුද්ධයි’ කී වහාම අනිත් පැත්තට අසන පැනය වන්නේ ‘ඔබේ කෙනෙකුට වුනත් මෙය අදාළ ද?’ යන්නය.
එවැනි අවස්ථාවක අදාළ පුද්ගලයා ඝාතනය කිරීමට මා පෞද්ගලිකව පෙළඹීමේ ඉඩ බැහැර නොකරමි.නමුත්,”මරණ දඬුවම” සම්බන්ධ මගේ ස්ථාවරය ඉන් වෙනස් නොවේ.
මා මරණ දඬුවමට විරුද්ධ වන්නේ, පහත කාරණා නිසාය
- මරණ දඩුවම සඳහා වන අධිකරණමය කාර්යාවලිය පවතින්නේ මිනිසුන් අතය.මිනිසුන්ට වැරදීම් සිදුවිය හැකිය. එසේම කාර්යාවලියේ දී යමෙකු වරදකරුවකු බව තාක්ෂණිකව ඔප්පු කළ ද සත්‍ය වශයෙන්ම එය එසේ නොවිය හැකිය.(මෝල් ගස මිණී මැරූ කතාව සිහියට ගන්න).. එවැනි අවස්ථාවක එම ජීවිතයට සිදුවන අසාධාරණය යළි හැරවිය හැකිද? ඉන්දීය විනිසුරු භගවතී මහතා ඉතා විශිෂ්ට ලෙස දක්වා ඇති ආකාරයට ජීවිතයට ඇති අයිතිය යනු, අති පරම හා පාරිශුද්ධ එකකි.එය රාජ්‍යයට තබා දෙවියන්ටවත් උදුරාගැනීමට ඉඩ නොදිය යුතු බව වේඳ සාහිත්‍යයෙන් උදාහරණ ගනිමින් විනිසුරු භගවතී දක්වා ඇත… යම් හෙයකින් යමෙකුගේ ජීවිතය මරණ දඩුවමින් අවසන් කළපසු ඔහු නිවැරදි බව ඔප්පු උනහොත් කළ හැක්කේ කුමක්ද?
- අපරාධ කිරීම හුදෙක් පුද්ගලයා තම උපන් ගෙයි උවමනාවක් වෙනුවෙන් කරන්නක් නොව සමාජීය පෙළඹවීමකින් කරන්නක් බවත්, ඔහු ඒ තත්වයට පත් කිරීමට සමාජය අති විශාල පෙළඹවීමක් කරන තත්වයක් තුළ තනි පුද්ගලයකුට දඩුවම් දීම අයුක්ති සහගත නොවන්නේද?
- මෙය “දඩුවමක්” ද පලිගැනීමක්ද? දඩුවමකින් බලාපොරොත්තු වන්නේ වරදකරුවා පුනුරුත්ථාපනයයි.එහෙත් මරණ දඩුවමින් කරන්නේ වරදකරුවා පිටු දැකීමයි.
- පුද්ගලයෙකු අපරාධයක් කළ විට සමාජය ඔහුට එරෙහිව අපරාධයක් ලෙස මෙය නිර්වචනය කළ නොහැකිද?
5.පවතින සමාජ ආර්ථික වටපිටාව සහ සමාජ මානසිකත්වය නිතීය විසින් තාක්ෂණිකව සලකා නොබලයි. අපරාධකරුවා යනු හුදෙක් කායික මානසික නිරෝගී අයෙක් ද යන්න සලකා බලන්නේ සුවිශේෂි අවස්ථාවල පමණි.
- කිසිඳු ආගමක් සදාචාරයක් මිණී මැරීමට එරෙහිව “මිණි මැරීම” පිළි නොගනී.
- පුද්ගලයාට මරණ දඬුවමට පත් කිරීමට කටයුතු කරන ආයතනික ව්‍යුහය කෙතරම් විශ්වාස කළ හැකිද? බොරු සාක්ෂී, තාක්ෂණීක යාන්ත්‍රික භාවය, යනාදීය මත යුක්තිය මානව විරෝධී ලෙස යටපත් විය නොහැකිද?
- සමාජයේ විවිධ බෙදීම් තිබේ.එසේම බලය,ධනය හා ශක්තිය හිමි පුද්ගලයන් හා පංතින් තම අභිමථාර්තයන්ට අනුව සමාජය මෙහෙයවන බව සුලබ අත්දැකීමකි. එවැනි විටක ධනය බලය හා ශක්තිය හිමි පුද්ගලයන් හා පංතීන් සිය පුද්ගල අභිමථාර්තයන් සාක්ෂාත් කරගැනීමට මෙය යොදාගත හැකිය.
- මරණ දඩුවම දැනටමත් ලබා දෙන රටවල අපරාධ අඩුවීමක් නොමැති අතර ,මරණ දඩුවම රහිත ඇතැම් රටවල අපරාධ අවම මට්ටමක පවතීන අයුරු නිරීක්ෂණය වේ.අපරාධ මර්ධනයේහිලා මරණ දඩුවම සාධනීය බලපෑමක් නොකරන්නේය යන්න පිළිගෙන ඇත.
- යමෙකු අපරාධ කරන්නේ නීතිය හා දඩුවම නොදැන නොවේ.අදාළ පරිසරය නිර්මාණය වූ වහාම අපරාධය සිදුකිරීම සිදුවේ.නැතහොත් ක්ෂණික ආවේඟයන්ට නතුවීමෙනි..මත්ද්‍රව්‍ය හා මත්පැන් වලින් විකෘති වීමෙනී.. එසේනම් මරණ දඩුවම යමෙකුට දීමේන් අනාගතයේ වෙනත් අය අපරාධකාරී චර්යාවන්ට නොපෙළඹේ යැයි අප සිතන්නේ කෙසෙද? අපරාධ කිරීමට යොමුවන පරිසරය හා හේතූ වෙනස් කරනවා වෙනුවට ඵලය විනාශ කිරීමේ මුග්ධ පිළිවෙතක් මින් ගම්‍යමානිතය.
~ ගාමිණී ඒකනායක
RN