තෙල් සංස්ථාවට ණය දීම ගැන මහබැංකුවෙන් රාජ්‍ය බැංකුවලට උපදේශයක්

Date:

නියමිත ණය සීමාව ඉක්මවා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ණය නිකුත් නොකරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විසින් රාජ්‍ය බැංකු වෙත උපදෙස් ලබාදී තිබේ.

රාජ්‍ය බැංකුවල ස්ථාවරභාවය ආරක්ෂා කරගැනීම සඳහා මෙම පියවර ගත් බවයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

විශේෂයෙන්ම පසුගිය කාල සීමාව තුළ ලබාගත් ණයවලින් සැලකිය යුතු ප්‍රමාණයක් නොපියවීම සහ තෙල් සංස්ථාවේ පවතින මූල්‍යමය තත්වය සලකා බලා මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

එමෙන්ම විශාල වශයෙන් පාඩු ලබන සෙසු රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ද මෙම ක්‍රියාමාර්ගයම අනුගමනය කරන ලෙසත් මහබැංකුව රාජ්‍ය බැංකුවලට උපදෙස් ලබාදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...