*
Thursday, November 28, 2024
spot_img

Latest Posts

තවත් ගැසට් නිවේදනයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යාම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා සම්භන්ධවයි.

ඒ අනුව තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් සිදුකළ යුතු අතර. එම අයෝජකයාට තීරු බදු රහිත වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක් ද තිබිය යුතු බව එහි සඳහන් වේ.

එමෙන්ම තීරු බදු රහිත සාප්පු සංකීර්ණ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අමෙරිකානු ඩොලර් මිලියන 07ක අවම අයෝජනයක් සිදුකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් දක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan