ඉන්දීය සංචාරයෙනුත් භානුක හැලෙයි

0
428

ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20/20 තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නිමා වූ ඔස්ට්‍රේලියානු තරගාවලිය සඳහා සහභාගි වූ ක්රීඩකයන් කිහිප දෙනෙකු සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, ඔවුන් ආබාධවලට ලක්වීම හේතුවෙනි.

ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ රමේෂ් මෙන්ඩිස් නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙනු ඇත.

ඔස්ට්‍රේලියානු තරගාවලියට එක් නොවූ අෂේන් ඩැනියෙල් 20/20 කණ්ඩායමට කැඳවා ඇති අතර කෙසේ නමුත් මේ දක්වා ඊට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිව නොමැත.

මේ අතර නිමා වූ ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ භානුක රාජපක්ෂට ඉන්දීය තරගාවලියේදීද අවස්ථාව හිමිව නොමැත. ඔහු නිමා වූ ඔස්ට්‍රේලියානු තරගාවලිය සඳහාද කණ්ඩායමට ඇතුළත් නොවීය.

ඉන්දීය සංචාරය සඳහා නම්කර ඇති සංචිතය
දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, කමිල් මිෂාර, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, ෂිරාන් ප්‍රනාන්දු, මහේෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, අෂේන් ඩැනියෙල්

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here