මාස හයක් තුළ පාතාල ක්‍රියාකාරකම් වලට සම්පූර්ණයෙන්ම තිත තැබීමට සැලසුම්

Date:

ඉදිරි මාස හය තුළ ආයුධ සන්නද්ධ පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

“පසුගිය දවසක අනුරාධපුරේ බන්ධනාගාරගත වෙලා ඉන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් උසාවියට අරගෙන එනකොට බස් රථයෙන් එළියට විසි කරලා තිබුණා කුඩා කොළ කැබැල්ලක්. එකේ තිබුණා යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කරන්න අපි සූදානමින් ඉන්නවා කියලා. එය ඔහුට අවධානය ගැනීමට කළ දෙයක්. එහි කිසිදු සත්‍යතාවයක් නැතැයි අනාවරණ වුණා.

ලොකු ප්‍රචාරයක් යනවා මේ පාතාල අපරාධ සම්බන්ධයෙන්. විශේෂයෙන් දකුණු පළාත ඒ වගේම බස්නාහිර පළාතෙත් සමහර තැන්වල. සන්නද්ධ අපරාධකරුවෝ. එහෙම නැති නම් තුවක්කුකරුවෝ වෙඩි තියලා පුද්ගලයෝ ඝාතනය කරනවා. මේවා ඔක්කෝම මෙහෙයවන්නේ, විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන ප්‍රධාන පෙළේ අපරාධකරුවෝ.

ඉතාම ක්‍රමාණුකූල වැඩපිළිවෙළක් යටතේ ඉදිරි මාස 06 තුළ මේ සන්නද්ධ කණ්ඩායම් සහ සම්පූර්ණයෙන්ම මේ පාතාල ක්‍රියා නතර කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරගෙන යනවා.

ව්‍යාපාරිකයින්ට තර්ජනය කරලා කප්පම් ගන්න කට්ටිය ඉන්නවා. ඒ අය ගැන තොරතුරු දන්නවා නම් සම්පත් දායකයෙකු ලෙස පොලීසියට සහයෝගය ලබාදෙන්න”

දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...