විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සහ විපක්ෂ නායක සජිත් අතර සාකච්ඡාවක්

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අතර සාකච්ඡාවක් පෙරේදා (31) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

රජය විසින් සිදුකරණ බදු ඉහළ දැමීම හේතුවෙන් තම වෘත්තිකයින්ට මෙන්ම රටේ සමස්ථ ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටළු රැසක් පිළිබඳව මෙහිදී ඔවුහු විපක්ෂ නායකවරයාට කරුණු පැහැදිලි කළහ.

සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කර සිටියේ බදු පරිපාලනය ඩිජිටල්කරණය සහ නවීකරණය කිරීම තුළින් රාජ්‍ය ආදායම වැඩි කරගත හැකිව තිබුනත්, වත්මන් රජය ඒ සඳහා කිසිදු පියවරක් නොගැනීම තුළ බදු පැහැර හරින කණ්ඩායම් වලට ඉන් මිදී සිටීමට අවස්ථාව උදාවී ඇති බවයි.

ඒ අනුව ඉලක්ක ගත බදු ආදායම රජයට උපයාගත නොහැකි වූ විට ඒ සඳහා සාමාන්‍ය ජනතාව මත බදු බර වැඩිකරමින් රජය අක්‍රමවත් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී චෝදනා කළේ.

එමෙන්ම වසරකට අවස්ථා දෙකකදී පමණක් විදුලි බිල ඉහළ දැමීමට අවසරදී තිබියදී, මාස තුනෙන් තුනට විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කිරීමටද තමන් ඇතුළු සමගි ජන බලවේගය විරෝධය පළ කරන බවත්, තමන්ට හැකි පළමු අවස්ථාවේදීම එය සංශෝධනය කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සහ අනිද්දා දිවයිනට එන ඉන්දීය සහ චීන අමුත්තෝ !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : මෙරට විපතට පත්...

සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: මේ වන විට ලංකාවේ...

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...