වැසි සහ මීදුම් – අද (02) කාලගුණ නිවේදනය

Date:

අද (02) දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිද ඇති විය හැක.

නැගෙනහිර පළාතේත් හම්බන්තොට සහ යාපනේ දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක ආයෝජන ව්‍යාපෘති ප්‍රමාදය වළක්වන්න අළුත් වැඩක්!

කොළඹ LNW:සංචාරක ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගැනීමේද සිදුවන දීර්ඝ...

ජපාන නායිකාව සීමාව ඉක්මවා ගිහින් – චීන විදේශ ඇමති

කොළඹ LNW: ජපාන අගමැතිනියගේ වැරදි ප්‍රකාශවලින් චීන ජනතාවගේ මූලික...

අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මටට්ම පිටාර මට්ටමට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : දිනපතා මධ්‍යම...

ආණ්ඩුවට රතු එළියක් !

උපාලි කොළඹගේ කොළඹ LNW: 221 වැනිදා නුගේගොඩ දී වුණේ මොකක්ද...