බදු ගැහිල්ලයි ජාතික සම්පත් විකිණීමයි හැර රනිල් කරපු දෙයක් නැහැ – විජිත

Date:

කොළඹ LNW:ජනතාව මත බදු බර පැටවීම මෙන්ම ජාතික සම්පත් විකුණා දැමීම හැර රනිල් වික්‍රමසිංහ විසින් කළ දෙයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කළේය.

ඒ, අද (02) කොළඹදී ජාතික ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

අද වෙන තුරු එක ඩොලරයකවත් විදේශ ණය කපා ගැනීමට හැකි වී නැති අතර සිදුවූයේ රටේ බර ජනතාව මත පැටවීම පමණක් බවත් හේරත් මහතා කියාසිටියේය.

”අද වන විට රජයේ සියලුම සේවා ගාස්තු වැඩි වෙලා තිබෙනවා. මේක අසංවේදී පාලනයක්. මේ ආර්ථිකය තවදුරටත් දරාගන්න බැහැ. ඉදිරියේදීත් ජනතාව මත බර පැටවේවි. ඉදිරි වසරත් එලෙසමයි. රනිල් රාජපක්ෂලා කරන්නේ ජනතාව මත බර පැටවීම මිසක් රටේ ආදායම් මාර්ග වැඩි කිරීම නොවෙයි. අයවැය තුළත් අපි දකින්නේ ඒකයි. කස කාරයෝ කියන දේවල් එක්ක ඒවා පැහැදිලියි. රනිල් රාජපක්ෂලාට තවදුරටත් අපේ රටේ ප්‍රශ්න විසදන්න බැහැ. දැන් මේ තිබෙන මේ විදුලිබිල ජනතාවට දරාගන්න බැහැ. අග්නිදිග ආසියාවේ ව්‍යාපාර බැලුවොත් ලංකාවේ තමයි වැඩිම විදුලි බිලක් අය කරන්නේ.
දැන් අයවැයක් එනවා. ඊට කලින්ම ඔන්න දැන් කියලා තිබෙනවා වැට් බද්ද 18% ක් දක්වා ජනාවාරි සිට වැඩි කරනවා කියලා. දැන් පෙරේදා රාත්‍රී ඉන්ධන මිල වැඩි කළා. පාලකයෝ මුලින් කිව්වේ සමාගම් ගොඩක් ආවම තරගකාරීත්වයක් නිසා තෙල් මිල අඩු වෙනවා කියලයි. නමුත් දැන් තරඟෙට ඉන්ධන මිල වැඩි කරලා. දැන් අලුත් බදු ක්‍රම ගේන්නත් සොයා බැලීම් කරමින් ඉන්නවා. උරුමය බද්ධක් හා දේපල බද්දක් අය කරන්නත් ආණ්ඩුව සූදානම් වෙමින් ඉන්නවා.හැම පුරවැසියෙකුටම බදු ෆයිල් එකක් ඕපන් කරන්න සූදානම්.මේ බදු ගැහිල්ල හා රටේ ජාතික සම්පත් විකිණීම හැර රනිල් ජනාධිපති කරපු දෙයක් නෑ.”
යනුවෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...