මරබියේ සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකුටත් ගාසා තීරයෙන් පිටවීමට අවසර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යුධ ගිනි මැද ජීවිතයත් මරණයත් අතර සටනක සිරවී සිටි පිරිසකට රෆා පිවිසුම හරහා ගාසා තීරයෙන් පිටවී ඊජිප්තුවට ඇතුළුවීම සඳහා අවසර හිමිවූ අතර, එම විදේශිකයින් අතර ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවලට විදේශිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් 596 දෙනෙකුට මෙලෙස ගාසා තීරයෙන් පිටත්ව යාම සඳහා අවසර හිමිව ඇති අතර ගාසා දේශසීමා සහ පිවිසුම් අධිකාරිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ පුද්ගලයින් එරට වේලාවෙන් උදෑසන 7 වනවිට පිවිසුමට පැමිණ සිටිය යුතු බවයි.

රෆා පිවිසුම හරහා ඊජිප්තුවට යාමට අවසර හිමි වූ පුද්ගලයින් 596 දෙනා නියෝජනය කරන රටවල් පහත දක්වා ඇත.

උතුරු මැසඩෝනියාව – 4
මෙක්සිකෝ – 2
නෙදර්ලන්තය – 20
දකුණු කොරියාව – 5
ශ්‍රී ලංකා – 17
ස්විට්සර්ලන්තය – 11
අමෙරිකා එක්සත් ජනපදය – 400
අසර්බයිජන් – 8
බෙල්ජියම් – 50
බහරේන් – 6
චැඩ් ජනරජය – 2
ක්‍රොඒෂියා – 23
ග්‍රීසිය – 24
හංගේරියාව – 20
ඉතාලි – 4

ඊශ්‍රායල – හමාස් යුද්ධය ආරම්භ වීමෙන් පසු සිවිල් වැසියන් වෙනුවෙන් රෆා පිවිසුම විවෘත වූ පළමු අවස්ථාව මෙය වන අතර, ඒ අනුව තුවාල ලැබූ සීමිත සිවිල් සිවිල් වැසියන් පිරිසකට, විදේශිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට ගාසා තීරයෙන් පිටව යාමට අවසර හිමි වූ බවයි වාර්තා වන්නේ.

රෆා පිවිසුමට අමතරව ගාසා තීරයෙන් පිටත්ව යාම සඳහා තවත් පිවිසුම් දෙකක් ඇති අතර, මේ වනවිට එම පිවිසුම් දෙකම වසා දමා ඇති බවයි එරට බලධාරීන් පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...