ඉතිහාස “ප්‍රෞඩ” මිත්‍යාවෙන් මිදෙමු ….

ලංකාව සංවර්ධනවූ රටක් කරා රැගෙන යන්න නම් මුලින්ම කරන්න ඕන අපේ ඔළුව ඇතුලේ තියෙන දෙදාස්පන්සිය වසරක් තිබ්බා කියන ප්‍රෞඩ මිත්‍යාවෙන් අපි මිදෙන එක..

ලංකාව හුදෙකලා දූපතක් ලෙස පැවතීම නිසා ලෝකයේ දියුණු දේ සමඟ මිශ්‍ර නොවී අෆ්ඩේඩ් නොවී අනාදිමත් කාලයක සිටම එකතැන තැන්පලිවී තිබීම එහි ඉතිහාස රෝගය බව වටහා ගත යුතුය..

ජාතිකවාදී සාහිත්‍ය ඇතුලේ අපේ මිනිස්සුන්ට උපතින්ම සුරුවිරුකම් උරුමයි කිව්වට ඒකත් මිත්‍යාවක් බව අප වටහා ගත යුතුයි..මොකද එහෙම උපතින් උරුම විශේෂ සුරුවිරුකමක් තිබ්බා නම් ලෝකේ වෙන රටවල් වලට ශ්‍රමිකයෝ විදියට ජොබ් හොයාගෙන යන්ට බැරිව මෙච්චර චාටර් වෙන්ට විදිහක් නෑ..

අනිත් එක මේ දූපත ධන නිධානයක් කිව්වට (උගස් කරන රන් දූපත) මේකේ හැම දේම තියෙනවා කිව්වට ඒකත් යම් ප්‍රමාණයක මිත්‍යාවක්..එප්පාවල ෆොස්පේට්, මන්නාරම් ද්‍රෝනියේ කනිජ තෙල් වගේ මොනමොනවා හරි දේවල් ටිකක් තිබුනත් යථාර්ථය තුලදී ඒවත් තියෙන්නේ වැඩක් ගන්ට බැරි විදියට..

ඒ නිසා අපි සංවර්ධනය කරා යන්ට පටන්ගන්න තැනින්ම අපිට බෑ, අපිට මුකුත් නෑ කියන යථාර්ථයෙන් පටන් ගත්තා නම් ඒක සමහර විට හොඳ ෆවුන්ඩේෂන් එකක් වෙන්ටත් පුළුවන් ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...