ඉතිහාස “ප්‍රෞඩ” මිත්‍යාවෙන් මිදෙමු ….

Date:

ලංකාව සංවර්ධනවූ රටක් කරා රැගෙන යන්න නම් මුලින්ම කරන්න ඕන අපේ ඔළුව ඇතුලේ තියෙන දෙදාස්පන්සිය වසරක් තිබ්බා කියන ප්‍රෞඩ මිත්‍යාවෙන් අපි මිදෙන එක..

ලංකාව හුදෙකලා දූපතක් ලෙස පැවතීම නිසා ලෝකයේ දියුණු දේ සමඟ මිශ්‍ර නොවී අෆ්ඩේඩ් නොවී අනාදිමත් කාලයක සිටම එකතැන තැන්පලිවී තිබීම එහි ඉතිහාස රෝගය බව වටහා ගත යුතුය..

ජාතිකවාදී සාහිත්‍ය ඇතුලේ අපේ මිනිස්සුන්ට උපතින්ම සුරුවිරුකම් උරුමයි කිව්වට ඒකත් මිත්‍යාවක් බව අප වටහා ගත යුතුයි..මොකද එහෙම උපතින් උරුම විශේෂ සුරුවිරුකමක් තිබ්බා නම් ලෝකේ වෙන රටවල් වලට ශ්‍රමිකයෝ විදියට ජොබ් හොයාගෙන යන්ට බැරිව මෙච්චර චාටර් වෙන්ට විදිහක් නෑ..

අනිත් එක මේ දූපත ධන නිධානයක් කිව්වට (උගස් කරන රන් දූපත) මේකේ හැම දේම තියෙනවා කිව්වට ඒකත් යම් ප්‍රමාණයක මිත්‍යාවක්..එප්පාවල ෆොස්පේට්, මන්නාරම් ද්‍රෝනියේ කනිජ තෙල් වගේ මොනමොනවා හරි දේවල් ටිකක් තිබුනත් යථාර්ථය තුලදී ඒවත් තියෙන්නේ වැඩක් ගන්ට බැරි විදියට..

ඒ නිසා අපි සංවර්ධනය කරා යන්ට පටන්ගන්න තැනින්ම අපිට බෑ, අපිට මුකුත් නෑ කියන යථාර්ථයෙන් පටන් ගත්තා නම් ඒක සමහර විට හොඳ ෆවුන්ඩේෂන් එකක් වෙන්ටත් පුළුවන් ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...