දීප්ති කියපු කතාවක් සම්බන්දව බුකියේ බොහෝ අදහස් එහෙමෙහෙ වනු දුටුවෙමි. නමුත් මා මෙහිදී ලිවීමට අදහස් කරන්නේ දීප්ති කියූ ටැටූ සම්බන්ධ මනෝවිශ්ලේෂනය ගැන නොව ටැටූ නැත්නම් පච්ච කලාව පිළිබඳ අපේ සමාජයේ පවතින ගතානුගතික ප්‍රතිචාරය පිළිඹඳවය..
ලංකාවට එළියේ ලෝකයෙන් විශේෂයෙන් බටහිරෙන් මොනයම් හෝ කලාවක්, විලාසිතාවක්, තාක්ෂණයක් ආවොත් ඒක අපේ දේශීය පටු ඇවැතුම් වලට ගැලපෙන්නෙ නැත්නම් අපි ඒ නව ආකෘතියට දුන්නේ ගර්හාත්මක හැඳින්වීමක්..
උදාහරණයක් විදියට බයිලා කලාව සම්බන්ධ අපේ අපහාසාත්මක හැඳින්වීම ගන්ට පුළුවන්, කවුරුහරි කෙනෙක් තේරුමක් නැති වාචාල දොඩවනවා නම් අපි ඒකට කිව්වේ බයිලා ගහනවා කියලා.. මෙහෙ හරක් එලවන්ට කියන අඬහැරෙට දෙන නම්බුව වත් බටහිර බයිලා කලාවට අපේ අය දුන්නෙ නෑ.
පච්ච කලාව සම්බන්ද අපේ ප්‍රතිචාරයත් එහෙමමයි, පච්ච කලාවට මිසරයේ පීරමීඩ යුගය දක්වා විහිදුන දිගු ඉතිහාසයක් තිබුනත් ලංකාවට පච්ච කලාව ආවේ ඉංග්‍රිසින්ගෙන් පස්සෙ..ඒ නිසාමදෝ අපේ මිනිස්සු පච්ච කලාවට දුන්නේ සතෙක්ගේ හමට ගහන හංවඩුවකට දෙන වටිනාකමක් .. අපේ මිනිස්සුන්ට අනුව පච්ච ගහන්නේ අයි.ආර්.සී. කාරයෝ, මිනීමරුවෝ නැත්නම් රස්තියාදු කාරයෝ..කෙල්ලෙක් පච්ච ගැහුවොත් ඒකි බඩුවක් විදියට හැඳින්නුවා ..
මොනතරම් දියුණු ජාත්‍යන්තර බාෂාවක් අපිට ගෙනත් දුන්නත් ඒකත් අපේ මිනිස්සු හැඳින්වුවේ “පරබස” කියලා… පිටින් එන වෙනස් සංස්කෘතික හැසිරීම් ඔවුන් හැඳින්නුවේ සංකර ගති යනුවෙන්… ඇතැම් විට “පරගති” තුප්පහි ගති යන අපහාසාත්මක නාමකරනයෙන්ද හැඳින්නුවා …
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN