වෛද්‍යවරු නොමැතිව රෝහල් 20ක් වැහිලා!

කොළඹ LNW:වෛද්‍යවරු නොමැතිව මේ වන විට රෝහල් 20ක් වසා දමා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (08) මාධ්‍යයට අනාවරණය කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් ඒ බව තහවුරු වී තිබේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ යුද්ධය පැවති සමයටත් වඩා වේගයෙන් මේ වනචිට රෝහල් වැසෙමින් පවතින බවයි.

එමෙන්ම තවත් රෝහල් 95ක් වැසී යාමේ තර්ජනයට මුහුණ දී සිටින අතර රට හැර දමා යාමේ අපේක්ෂාවෙන් විශාල වෛද්‍යවරු ප්‍රමාණයක් පසුවෙන බවද අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

”අඩුම ගානේ යන්න ඉන්න වෛද්‍යවරුන් 5000 නවත්වන්න. 20% පද්දතියට අහිමිවෙනවා කියන එක දරාගන්න බෑ. යුද්ධය තිබුන කාලෙටත් වඩා රෝහල් වැසෙමින් තියෙනවා. රට පුරා අපි රෝහල්වල සමීක්ෂණයක් කළා. සමස්තයක් විදිහට වෛද්‍යවරුන් නැතිව රෝහල් 20ක් මේ වෙනකොට වැහිලා. උපාධිධාරී වෛද්‍යවරුන් නැතිව ලියාපදිංචි වෛද්‍යවරුන්ගෙන් පවත්වාගෙන යන රෝහල් 44 තියෙනවා. දැන්වත් මේ දත්ත පිළිබද පාලකයින් සංවේදී වෙන්න. වැසී යාමේ තර්ජනයට ලක්වෙලා තියෙන රෝහල් 95 ක තොරතුරු තියෙනවා. විශේෂඥ සේවා අඩපණ වූ රෝහල් 150 ක් තියෙනවා.
බලධාරීන්ගෙන් ඉල්ලනවා මේ තොරතුරු පාදක කරගෙන අවසන් විසදුම් කඩිනමින් කරන්න. ප්‍රසම්පාදනය හරියට කලොත් 60% න් කප්පදුකරගන්න පුළුවන් වේවි. අනිවාර්යයෙන්ම මේ වසරට වඩා අඩු මුදලකින් ඖෂධ මිලදීගැනීම කරන්න පුලුවන්.”
යනුවෙන් අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...