ගැසට්ටුව නොතකා තැපෑල අදත් වැඩ වරයි!

Date:

කොළඹ LNW:තැපැල් වැඩ වර්ජනයට එරෙහිව ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා තැපෑල අත්‍යවශ්‍ය සේවයක් ලෙස ඊයේ දින ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද වෘත්තීය සමිති විසින් ප්‍රකාශ කළ පරිදි අද (09) දිනයේත් එම වැඩවර්ජනය ක්‍රියාත්මක වෙයි.

පසුගිය 07 වැනිදා සිට පැය 48ක සංකේතාත්මක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබුණු අතර ඒ අනුව මෙම වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක කර තිබේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන නුවරඑළිය තැපැල් කාර්යාල විකිණීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමිනුයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් වන්නේ.

කෙසේවෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ කිසිදු පදනමක් නැති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් බවයි.

තැපැල් දෙපාර්තුමේන්තුව කාලයක සිට අලාභ විඳිමින් සේවාන් සලයන බවත් පෞද්ගලීකරණය නොකොට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා අදායම් වැඩිකර ගැනීමට විකල්ප ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදු සහන අපේක්ෂාවෙන් විපක්ෂ නායක හා ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලයක් අතර හමුවක්!

කොළඹ LNW:තවදුරටත් බදු සහන ලබා ගැනීමේ අරමුණින් විපක්ෂ නායක...

ඇමරිකාවෙන් ඉන්දියාවට පැනවූ බදු ප්‍රහාරයේ අහිතකර පැතිකඩ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: රුසියාවෙන් තෙල්...

රු. කෝටි 9 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද...

‘Made in Sri Lanka’ වෙළඳ ප්‍රදර්ශනය ළඟදීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන...