උතුරු ගාසා තීරය ඊශ්‍රායලය අත්පත් කරගන්නා විට පලස්තීනුවන් පලා යයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට හා හමාස් සංවිධානයට යුධ අපරාධ කිරීම සම්බන්ධයෙන් චෝදනා කර ඇත.

උතුරු ගාසා තිරයේ හමාස් ර්මමස්ථාන ඊශ්‍රායල් හමුදාව විසින් අත්පත් කර ගෙන ඇති බව ඊශ්‍රායල් හමුදාව තහවුරු කර තිබේ.

ඊශ්‍රායල් හමුදාව උතුරු ගාසාහි නගරවලට ඇතුළු වීමත් සමඟ ඊයේ(08)දිනයේදී පලස්තීනුවන් 50,000ක් පමණ නගර අතහැර පලා ගොස් ඇති අතර හමුදාව උතුරු-දකුණු මාර්ගයේ පැය කිහිපයක් සඳහා ආරක්ෂිත මාර්ගයක් විවෘත කර තිබිණි.

ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායලයට හමාස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලයේ ප්‍රති ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 10,569 දක්වා වැඩි වී ඇති අතර පසුගිය පැය 24තුළ පමණක් 200 දෙනෙකු මියගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට හා හමාස් සංවිධානයට යුධ අපරාධ කිරීම සම්බන්ධයෙන් චෝදනා කර ඇති අතර මානුෂිය සටන් විරාමයක් අවශ්‍ය බව දිගින් දිගටම ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා සිටින පුද්ගලයන් 239 නිදහන් කරන තෙක් කිසිදු සටන් විරාමයක් පිළිබඳ සාකච්ජා ඇති නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...