සිරියාවේ අවි ගබඩා කිරීමේ මධ්‍යස්ථානයට එක්සත් ජනපදය පහර දේ

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):එක්සත් ජනපද සෙබළුන් මේ වන විට සිරියාවේ 900ක් හා ඉරාකයේ 2500ක් ස්ථාන ගත කර ඇති අතර ඔවුන් ISIL (ISIS) යලි හිස එසවීම වැළැක්වීමට උත්සාහ කරන ප්‍රාදේශීය හමුදාවන්ට උපදෙස් දීම සහ සහාය දීමේ මෙහෙයුමක යෙදී සිටියි.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) සහ ඉරානයේ පිටුබලය ලබන මිලිටරි කණ්ඩායම් විසින් භාවිතා කරන බවට විශ්වාස කරන නැගෙනහිර සිරියාවේ අවි ගබඩා කිරීමේ මධ්‍යස්ථානයකට එක්සත් ජනපදය ප්‍රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායල්- හමාස් යුද්ධය මධ්‍යයේ කලාපීය උත්සන්න වීමක් පිලිබඳ කනස්සල්ල ඇතිවෙමින් පවතින අවස්ථාවක සිද්ධ වූ මෙම ප්‍රහාරය පැහැදිලිව ඊශ්‍රායල-හමාස් යුද්ධයට සම්බන්ධ නොවන බවට ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද හමුදාවන්ට මෑතදී එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ගුවන් හමුදාවේ F-15 ප්‍රහාරක යානා දෙකක් විසින් සිදු කරන ලද බවයි.

පසුගිය මාසයේ එක්සත් ජනපද හමුදාවට එරෙහිව ඉරාකයේ සහ සිරියාවේ දී අවම වශයෙන් 40 වතාවක් ප්‍රහාර එල්ලව ඇති අතර සෙබළුන් 45 දෙනෙකු කම්පන සහගත මොළයේ තුවාල හෝ සුළු තුවාල ලබා ඇති තිබේ. මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් වශයෙන් මෙම අවි ගබඩාවට පහර දී ඇති අතර එක්සත් ජනපද ජනාධිපතිවරයාට සිය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට වඩා ඉහළ ප්‍රමුඛතාවයක් නොමැති අතර, එක්සත් ජනපදය තමන්ව, එහි පිරිස් සහ එහි අවශ්‍යතා ආරක්ෂා කරන බව පැහැදිලි කිරීමට ඔහු අද දින මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබූ බව ආරක්ෂක ලේකම් වරයා මෙහිදී ප්‍රකාශ කර තිබිණි.

ඉරානය 2006 සිට ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයට සහ ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවේ ඊශ්‍රායලය සමඟ ගැටුම්වල නිරතව සිටින ලෙබනන් සන්නද්ධ හිස්බුල්ලා සංවිධානයට සහාය දක්වමින් සිටින අතර මේ වන විට එක්සත් ජනපද සෙබළුන් මේ වන විට සිරියාවේ 900ක් හා ඉරාකයේ 2500ක් ස්ථාන ගත කර ඇති අතර ඔවුන් ISIL (ISIS) යලි හිස එසවීම වැළැක්වීමට උත්සාහ කරන ප්‍රාදේශීය හමුදාවන්ට උපදෙස් දීම සහ සහාය දීමේ මෙහෙයුමක යෙදී සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...

මාස ගණනක් සැඟව සිටි වෙනිසියුලානු නොබෙල් ජයග්‍රාහකයා ඔස්ලෝහිදී මතුවේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි බව අප විශ්වාස කරනවා – Allison Hooker

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට...