චමරි ඕස්ට්‍රේලියාවේදී උපාලි ස් හරහා සිඩ්නි කණ්ඩායමට ලාංකේය රෑ කෑමක් දෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු තමන් ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් කාන්තා ක්‍රිකට් සූරතාවලියට ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවේ ආකාරයට පිසින ලද භෝජන සංග්‍රහයක් පිරිනමන්නට කටයුතු කර ඇත.ඒ සදහා ඇය තෝරාගෙන ඇත්තේ හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක් මෙන්ම මේ මොහොතේ අර්බූදයට ලක්ව තිබෙන ක්‍රිකට් අතුරු කමිටුවට අමාත්‍යවරයා විසින් නම් කරන ලද සාමාජිතයෙකුද වන උපාලි ධර්මදාසට අයත් උපාලි ස් අවන්හලය.

රටක් නියෝජනය කරන ක්‍රීඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවකට ජාතික කණ්ඩායමක් නියෝජනය නොකරන අවස්ථාවක දී වුව ද ක්‍රීඩා දස්කම් හරහා ගොඩ නැඟෙන සබඳතා සමඟ රට වෙනුවෙන් තානාපති සේවයක යෙදෙන්නට හැකියාව ඇති බව චමරිගේ මේ භෝජන සංග්‍රහය හරහා පැහැදිළි කර ගැනීම අසීරු නැත.ඇය ගේ මේ භෝජන සංග්‍රහය නිසා ශ්‍රී ලංකාවේ ආහර සංස්කෘතිය සම්බන්ධයෙන් විදේශිය ක්‍රීඩිකාවන් වඩාත් පැසසුම් සහගතව අදහස් දක්වන්නට ඉදිරිපත් විය.එය ක්‍රීඩිකාවන්ට රසවත් අත්දැකීමක් මෙන්ම රටේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ගත් විට ගුණවත් ආකර්ශණයක් ද වන්නේය.

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකා Lauren Bell,ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන Claire Moore,ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා Ebony Hoskin මෙන්ම ශ්‍රී ලංකා ආහාර වේලක රස නොදැන සිටි මේ වන විට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ චමරිගේ ආරම්භක පිතිකරු සහයිකාව වන කඩුලු රකින්නී Tahila Wilson ද මෙම ආහාර වේල සම්බන්ධයෙන් සිය අදහස් දැක් වූ වීඩියෝවක් සිඩ්නි තන්ඩර් මුහුණු පොත පිටුවේ දකින්නට ඇත.සිලියනයකට ආසන්න පිරිසක් පරිශිලිනය කරන එම මුහුණු පොත හරහා ජනතාව අතරට ශ්‍රී ලංකාවේ ආහාර වර්ග ප්‍රවර්ධනය කිරීමට චමරි විශාල දායකත්වයක් දක්වා ඇත.

චමරි මෙවර ඉතාම හොඳ දායකත්වයක් බිග් බෑෂ් තරගාවලිය හරහා සිඩ්නි තන්ඩර් කණ්ඩායමට ලබා දෙමින් ඇති අතර ඇය මේ වන විට තරගාවලියේ පිතිකාරීණියන් අතර ලකුණු 338 ක් ලබා ගෙන දෙවන ස්ථානයේ රැදී සිටියි.මේ ලකුණු 338 වෙනවෙන් චමරි ලබාගෙන ඇති අර්ධ ශතක ප්‍රමාණය හතරකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...