වැටුප් ඉල්ලා බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයින් පාරට!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයින් වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා සිදු කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇඟලුම් සේවකයින් ඉල්ලූ වැටුප් වැඩි වීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග විරෝධතා තවදුරටත් උත්සන්න වීම වළක්වාලීම සඳහා එම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ විරෝධතා සඳහා දහස් ගණනක කම්කරුවන් පිරිසක් සහභාගී වී ඇති අතර, ඔවුන් කම්හල් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාර ද එල්ල කර ඇති අතර කම්හල් රැසක කටයුතු අඩපණ වී ඇති බවද වාර්තා වේ.

බංග්ලාදේශයේ වාර්ෂික අපනයනවලින් 85%ක්ම සමන්විත වන්නේ ඇඟලුම්වලින් වන අතර සේවකයින්ගේ මාසික වැටුප ටකා 8,300කින් ආරම්භ වන බව සඳහන් වේ.

එමෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත වන්නන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් වේ. ජීවන බර වැඩි ලෙස දැනෙන මොහොතක මෙම උද්ඝෝසණය සංවිධානය වී තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09)දිනයේදී නේපාලයේ තරුණ...

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...