චීනය අවුල් අස්සෙ හිම ක්‍රීඩා බිමකට ලෝකයේ සල්ලි අදින්න පාර කපා ගනියි

Date:

චීන තායිපේ රාජ්‍යයේ ඒකීයභාවය පිළිනොගෙන සිය ආධිපත්‍යයට යටත් කර ගැනීමට දරණ උත්සාහය,උයිගර් මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් දක්වන මානවීය නොවන ප්‍රතිචාර සහ හැසිරීම් වගේම,ශිත සෘතු ඔලිම්පික් උළෙල හරහා වෙනත් රටවල තොරතුරු රැස් කර ගැනීමට උත්සාහ කිරීම යන චෝදනා මත චීනය ශිත සෘතු ඔලිම්පික් උළෙල නිමා කළේ ලෝකය සමඟ හොඳ හිත පළුඳු කර ගෙනයි.නමුත් චීනය මේ තත්ත්වය ඇතුළත ක්‍රීඩා උළෙලෙක් අපේක්ෂිත වානිජමය අපේක්ෂාවන්වලට ළඟ වෙමින් ඉදිරි පස් වසර සඳහා ජාත්‍යන්තර තරග පැවත්වීමට ශිත සෘතු ඔලිම්පික් උළෙලට යොදා ගත් යැන්කින්ග් ස්ලයිඩින් මධ්‍යස්ථානය යොදා ගැනීමට ජාත්‍යන්තර බොබ්ස්ල් සහ ස්කේල්ටන් සම්මේලනය සමඟ අවබෝධතා ගිවිසුමකට එන්නට චීනය සමත් වී තිබෙනවා.

මේ අනුව යැන්කින්ග් මධ්‍යස්ථානය ඉදිකිරීමේ වියදම මෙන්ම එහි නඩත්තුවද ජාත්‍යන්තර තරග පැවත්වීම සඳහා යොදා ගැනීමෙන් චීනයට උපයා ගැනීමේ අවස්ථාව හිමිවෙනු ඇත.එසේම චීන කණ්ඩායම්වලට ඉහළ මට්ටමේ පුහුණුවක් ලැබීමටද මේ බිම පාවිච්චි කරන්නට අවස්ථාව ඇත.ඒ නිසා යැන්කින්ග් මධ්‍යස්ථානය ඔලිම්පික් උරුමය සම්බන්ධයෙන් ඉතිරි කරන ඓතිහාසික වටිනාකම මෙන්ම එය රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ස්ථානයක් ලෙස ද චීන රජයට දායකත්වය සපයනු ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ජාත්‍යන්තර බොබ්ස්ල් සහ ස්කේල්ටන් සම්මේලනයේ සභාපතිඉවෝ ෆෙරියානි පවසන්නේ මෙහි ඓතිහාසික උරුමය ආරක්ෂා කරමින් ඉහළ මට්ටමේ පහසුකම් සහිත බිමක් ක්‍රීඩාව සඳහා ලබා දීම සම්මේලනයේ අපේක්ෂාව වන බවයි.එසේම මෙය අමුතු කාරණයක් නොව මින් පෙරද මෙවැනි තත්ත්වයන් උදා වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ ඉන්න පිස්සෝ ටිකක් බිල්ලෝ මවන්න හදනවා.ඒවාට අහුවෙන්න එපා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විපක්ෂයේ සිටින පිස්සන් කණ්ඩායමක්...

අපට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා, නමුත් අපි ඇද වැටී නැහැ

කොළඹ LNW:දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ...

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...