අරවින්ද නම් වූ බටහිරයා ….

Date:

අරාගේ නම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටයින්ගේ නාමාවලියට එකතුකරන්න යන බව සැලයි (ICC Hall of Fame). ඒක අනිවාර්යයෙන්ම විය යුත්තක්. මොකද ඇත්තටම ඔහු විශිෂ්ටයෙක්.

මීට කලින් ලාංකිකයින් තුන් දෙනෙක් මේ සඳහා නම්කර තිබෙනවා. ඒ මුරලි, සංගා සහ මහේල. ඒ හැමෝටම වගේ විශිෂ්ට වෘත්තීය ක්‍රිකට් වාර්තා තියනවා. මුරලිගේ විකට් 800, සංගාගේ ටෙස්ට් ලකුණු 12000 සහ එක්දින 14000, මහේලගේ එක්දින 12000 සහ ටෙස්ට් 11000 වගේ රෙකෝඩ් ප්‍රමාණයක් තියනවා. සැමරිය යුතු මට්ටමේ ඒවා.

අරවින්දට එහෙමට කියන්න ලොකු රෙකෝඩ්ස් නැහැ (ටෙස්ට් ලකුණු 6000, එක්දින 9000). හැබැයි තියෙන්නේ සමස්ත ක්‍රිකට් ලෝකයට අමතක නොවෙන ඉනිම් කිහිපයක්. ඔය ලෝක කුසලානේ දින්න වෙලාවේ ඉනිමත් එහෙම එකක්. අරවින්ද ක්‍රිකට් ලෝකේ අමරණීය වෙච්ච තව ඒවගේ ඉනිම් කිහිපයක් තියනවා.

අන්න ඒ ඉනිම් සැමරිය යුතු මට්ටමේ ඒවා. ඊයේ පෙරේදා අර මැක්ස්වෙල් කියන හාදය වෙන්කඩේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කලේ එහෙම එකක්. කවුරුත් කවදාවත් හිතුවේ නැති එකක්.

සමස්ත ක්‍රිකට් ජීවිතයේ 10000ක් ගහලත් අමරණීය වෙන්න පුළුවන්. අර වගේ එකක් දෙකක් තලලත් සදාතනික වෙන්න පුළුවන්.

වසර විස්සක විතර දීර්ඝ ක්‍රිකට් ජීවිතයක් ඇතුලේ ලබාගත්ත ජයග්‍රහණ නිසාත් කෙනෙකුට විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එක්තරා දිනයක දෙනලද තත්වයක් එක්ක සුවිශේෂී දෙයක් සිද්ද කරලා අපේ හදවත්වල සදාතනික වෙන්නත් පුළුවන්.

මට හිතෙන හැටියට අරවින්ද වැඩියෙන් අයිති වන්නේ සහ මතක හිටින්නේ දෙවැනි කොටස නිසා.

අසූව දශකයේ අග සහ අනූව දශකයේ ලංකාවේ ක්‍රිකටස්ල ගිය බස් එකේ අනික් ඔක්කොමල සිංහල සින්දු අහනකොට අනික් උන් ගැන වගේ වගක් නැතුව කණ පැලෙන්න ඉංග්‍රීසි සින්දු අහපු අපේ යුගයේ ‘ක්‍රිකට් බටහිරයාට’ ලැබෙන මේ බුහුමන ගොඩක් අගය කරනවා. මොකද ඒ තමයි ක්‍රිකට් ක්‍රීඩකයකුට ලැබිය හැකි ඉහළම මට්ටමේ පිළිගැනීම.

මොනවා උනත් අරවින්ද වෙනස් එකෙක්. එයාව මතක හිටින අනික් කාරණේ ඒක.

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...