යුක්රේන හමුදා රුසියානු ප්‍රහාරක යානා 05 ක් බිම හෙළයි !

Date:

රුසියානු හමුදා අද පෙරවරුවේ යුක්රේන දේශසීමා උල්ලංඝනය කරමින් යුක්රේනයට ඇතුළුවීමත් සමග දෙරට අර යුද ගැටුම් ආරම්භ වී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ යුක්රේනයේ බොහෝ ප්‍රදේශවලින් දරුණු පිපිරීම් වාර්තා වන බවයි.

යුක්රේන පාලනය පවසන්නේ රුසියානු ආක්‍රමණයෙන් සිය ජනතාව බේරා ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි. තම ජනතාව බේරා ගැනීම සඳහා ලෝක ප්‍රජාවගෙන් සහාය බලාපොරොත්තු වන බවද යුක්රේන පාලනය ප්‍රකාශ කරනවා.

මේ අතර යුක්රේන හමුදා ප්‍රහාර හේතුවෙන් යුක්රේන දේශසීමා උල්ලංඝනය කළ රුසියානු ප්‍රහාරක යානා 05 ක් සහ හෙලිකොප්ටරයක් විනාශ වී ඇති බවයි.

යුක්රේනය පුරා හමුදා නීතිය පැනවීමට ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පියවර ගෙන ඇති අතර කලබල නොවී සිටින ලෙස ඔහු සිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

යුක්රේනයට ඇතුළු වූ රුසියානු හමුදා එරට අගනුවර වන කිව් නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...