විදෙස් ශ්‍රමිකයන්ගෙන් මා‌සිකව ඩොලර් 100 බැගින් එකතු කිරීමට විශේෂ වැඩපිළිවෙලක් !

Date:

විදෙස් ශ්‍රමිකයන්ගෙන් මාසිකව ඩොලර් 100 බැගින් රට තුළට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යෝජනා වී ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඊයේ රාත්‍රී රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ සම්බනධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන බන්දුල ගුණවර්ධන මහතා,

‘අපි යෝජනාවක් කරලා තියෙනවා. ඒ යෝජනාව සලකා බලමින් යනවා. ඩුබායිවල ඉන්නවා ලක්ෂ 3 ක් ශ්‍රී ලාංකිකයින්. අනෙක් රටවලත් ඉන්නවා මේ වගේ විශාල පිරිසක්. ඔවුන් මැදපෙරදිග ඇතුළු රටවලට ගිහින් තියෙන්නේ තමන්ට කියලා ඉඩමක් ගන්න, ගෙයක් හදාගන්න. දරුවන්ට උගන්වන්න. ව්‍යාපාරයක් පටන් ගන්න. අපි ඒ අයට කියනවා ඔබ රටවිරුවෙක් හැටියට රට පත්වෙලා තියෙන තත්ත්වය තුළ හැම මාසයකම ඩොලර් 100ක් ස්ථීර තැන්පතුවකට එවන්න. එතකොට ඩොලර් 1,200ක් හම්බ වෙනවා වර්ෂයක් තුළ. වර්ෂය තුළ දී හම්බවෙන මුදල මෙන් 10 ගුණයක් රුපියල්වලින් ලක්ෂ 25ක ණයක් දෙනවා. ඔවුන්ට අවුරුදු 10කින් ගෙවන්න. ලක්ෂ 25 ණය දෙන්නේ සාමාන්‍ය පොළියට නෙමෙයි. 6%ක් වගේ විශාල අඩු පොළියකට. අඩු පොළියකට දුන්නොත් ලක්ෂ 25කට අවුරුදු 10ක් ණය දුන්නොත් රුපියල් ලක්ෂ 15ක් තමා පොළිය ලැබෙන්නේ. මේ පොළිය මාස 120න් බෙදුවොත් වාරිකයක හැටියට ගෙවන්න වෙන්නේ රුපියල් 33,333යි. එයා හිතනවා උන්ඩියල් ක්‍රමයට රුපියල් 20ක් තාවකාලිකව ගන්නවා ට වඩා මම ස්ථාවර දේට අරන් ගෙයක් හදාගන්නවා ඉඩමක් ගන්නවා කියලා. ව්‍යාපාරයක් පටන් ගන්න මේ මුදල රටට එවන්න පුළුවන් කියලා. ඒක උපායක්.”

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ඔය සුළු ගංවතුර තත්ත්වයක් – මඩකලපුවට ගංවතුර අවදානමක්!

කොළඹ LNW:ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු...

Sri Lanka Economic Summit 2025 දෙසැම්බර් 2 සහ 3 යන දිනවලදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : දෙසැම්බර් 2 සහ...

“වසරේ ගෝලීය වෙළඳ නාමය”බ්‍රවුන්ස් SUMO WORLD රන් සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : බ්‍රවුන්ස් කෘෂිකර්මාන්තය මෑතකදී...

දෑස නොපෙණුනත් ක්‍රිකට්වලින් ලෝකය ජය ගත හැකියි – 0714098507 හෝ 0773589997 දුරකථන අංක අමතන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: වැඩි පෙණුමක් නැතුව වැඩි...