රූපවාහිනී ලෝගෝ එකෙන් දෙමළ, ඉංග්‍රීසි හැලෙයි

0
1836

පසුගිය 22 වැනිදා සිට ජාතික රූපවාහිනියේ නිළ ලාංඡනය වෙනස් කර තිබෙනවා. රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුව මත මෙම සංශෝධනය සිදුකර තිබේ.

මෙතෙක් රූපවාහිනී ලාංඡනයේ ‘රූපවාහිනී’ යන්න සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සඳහන්ව තිබූ අතර නව තීරණයට අනුව ඉංග්‍රීසි සහ දෙමළ භාෂා නිල ලාංඡනයෙන් ඉවත් කර තිබෙනවා.

රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස මේ වනවිට කටයුතු කරන්නේ සොනාල ගුණවර්ධන මහතායි. මීට පෙර ඔහු ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉවත්වීමෙන් පසුව සොනාල ගුණවර්ධන මහතා රූපවාහිනී සංස්ථාවට පත් කෙරිණි.

දශක කිහිපයක් තිස්සේ දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිතව තිබූ රූපවාහිනී නිළ ලාංඡනය වෙනස් කිරීමෙන් නොනැවතී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය පැවැත්වෙන වෙලාවද වෙනස් කිරීමට නව සභාපතිවරයා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් රාත්‍රී 8.00 ට විකාශය වූ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය පස්වරු 6.50 ට විකාශය කෙරේ.

රූපවාහිනී ලාංඡනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් විවේචන එල්ල වී තිබෙනවා. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාඝවන් මහතා සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ නිළ ලාංඡනයේ භාෂා තුනම තිබීම අත්‍යවශ්‍ය බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here