*
Friday, January 31, 2025
spot_img

Latest Posts

දෙමටමල්පැලැස්ස හිත්වල මල් පිපීම

සටහන – නිශ්මං රණසිංහ

ඇත්තටම ඔවුන්ට කිසිවක් නැත.සංගීතය කරන්නට වාද්‍ය භාණ්ඩ පමණක් නොව ඊට උචිත බිමක්වත් නැත.ඉතිං තැනත් නැති බඩුත් නැති තැනක වැඩක් කළත් නොකළත් ගත හැකි පඩිය ගැන මිස අන් දේ ගැන කුමකට හිතන්නද?


එසේ හිතන්න පුරුදු නැති ගාය තියෙන සංගීත ගුරුවරයෙක් දෙමටමල්පැලැස්ස පාසලට ආ තැන එ’ගම ද සුවඳ මල් පිපී තිබෙන වඟ රටම දැන ගත්තේය.ගුරුවරයා ගීත් ජිවන්තය.1950 තරම් ඈතක හැදුණ දෙමටමල්පැල්ස්ස වසර හැත්තෑතුනකට පසු රටට විකසිතව ඇත.ඒ ගීතයක් විලසය.ගීතම නිසාය.ගුරුවරයාද ගීත් ය.
මියුසික් කරන්නෙ කොහෙද?


විදුහල්පතිණිය ශ්‍රියාණි මල්කාන්ති මහත්මියටත් එයට පිළිතුරක් නැත.නමුත් පොළව එක්ක හැප්පෙන,තවත් අතකින් යුද බිය පැවති සමයේ ගම රකින පිණිස ග්‍රාමාරක්ෂක හමුදාවට එක් වූ පිරිස්වල හයිය ගැන එතුමියට විශ්වාසය තිබුණාය.ගීත් පෙරමුණ ගත්තේය.මව්පියෝ අත්වැලට සිටිමින් දූ දරුවන් නොවැටෙන්නට සිටගත්හ.නමනීය මැටි පිඩවල් අරුත්බර ලෙස සංගීතමය ශ්‍රමයක් වෙනුවෙන් සැකසි පුංචි කාමරයක් විය.මැටිත්,පොල් අතුත් උරුම කරගත් පිරිසකට එය අමුතු වේදනාවක් නොවිණි.එහි ඇසෙන සප්ත ස්වර සංවේදනාවන්වල පතුලට කිමිදෙන්නට ඔවුහු රොඳ බැන්දහ.
තුඹස බැදීම තනිවම කළ නොහැකිය.ගීත් ට හයියට විදුහල්පතිතුමිය පමණක් මදි විය.හොඳ මිනිසුන්ට දැනෙන සුවද ඉව ඔස්සේ වෛද්‍ය හේමන්තයන් මේ නොදුටු මිනිසුන්ගේ සවියට සංගීත භාණ්ඩයකින් සම්මාදම් විය.පළාත් තරගය ජයගෙන කොළඹ එද්දී එතුමා සහ බිරිඳ ඔවුන්ගේ ආහාර පාන වෙනුවෙන් සහ නවාතැන් වෙනුවෙන් දායකත්වය ලබා දුන්නේය.


පළාත් තරගවලින් සමස්ත ලංකා තරගවලට යන විට තිබුණේ ගිත ගැයීමට පෙර වේදිකාවක හැඩය පෙන්නීමටය.එය ජය ගත්තේ මහා රැයෙහි සිකුරටි උත්තමයන්ගේ සිත මෙලෙක් කර ගී ගයා නොවේය.කතා කියමින්ය.පසුවදා ඔවුන් ගී ගයන විට තමන් සම්මතයේ නීතියට පිටින් දුන්නේ ආදරය නොව ඔවුන්ගේ ජිවිතය බව සිකුරටි කණ්ඩායමට සිතෙන්නට ඇත.


ඉනික්බිති කොළම ගමන කොළඹ දක්වා සැඳුණ පෙරහැරක්ය.300 අඩු පාසල් අතරට කොළඹ නොව උතුර ද එකතු වී සිටින මොහොතක ජයග්‍රහණයට අමතරව මේ ජීවිතවලට කොළඹ දැක ගැනීමත් එක් කළ යුතු බව ගීත්ට සිතිණ.ලෝකය කුඩා වී තත්පර ගණනකින් ඇඟිළි තුඩු අඟීන් ලෝක ද්වාරය විවර කර ගැනීමට හැකි වුව ද,මේ දරුවන්ට කොළඹ ද වෙනම ලෝකයක් විය.ඒ කොළඹට හැඩ ගැහෙන්නට තමන්ගේ කමේ වැනිම පසින් තැණුන මේ බිම, තමන්ගේ ගැයුමට නැටුමට ඇඳ නොවී තමන්ට ඉහළින් රැඳෙනු හැකි බව කියන්නට ඒ සුළු කාලය තුළ සිතුවිලි විවර කරන්නට ඇත.අමාරුවෙන් සම්මාදම් වූ ශතෙක් ශතේ එකතු වි පියවුණු බස් ගමනේ රෝද ටික නැවත ගමට ආයේ රටම ජයගත් දරුවන්ගේ ස්පර්ශයේ ආඩම්බරයේ කොටස්කාරයෙකු ලෙස ය.
ප්‍රශස්ති හා හටන් – කනිෂ්ඨ (මිශ්‍ර) අංශයේ,
තෙවන ස්ථානය සහ හොඳම ප්‍රාසාංගික සම්මානය

මේ දෙමටමල්පැලැස්ස අභිමානයේ උපයා ගැනීම්ය.එය රැඟෙන එන විට ගමට වහල විවරවන මෝාර් රථ නැත.ජිප් රථ නැත.එහි ඇති වාහන අත් ට්‍රැක්ටර්ය.වැඩිම වුණොත් කැන්ටරයක්ය.ගීත් හා දරු කළට මල් පලදින්නට ගම්මු අමතක නොකළහ.ගම පුරා රට දිනූ දරු කැළ වෙනුවෙන් උපහාර පිණිස රැඟෙන යන්නට සැකසුණේ කැන්ටරයක්ය.දොර දොර ගැලූ සෙනෙහසින් ඔවුන් තෙමී නැහැවිණ.ආදරය සම්මානයටත් වඩා බරට දැණින.ලෝකයම ජයගන්න හයිය දෙන ගමක විශ්වාසය සමඟ දැන් ඇහැව්වොත් ඔවුන් කළාප තරග පමණක් වූ ඉලක්කය පළාත් මට්ටමෙන් නොනැවතී ජාතික මට්ටම දක්වා ජයග්‍රහණ විහිදෙන තැනකට රැඟෙන ආ ගීත් ස්ර් සමඟ තබන ඊළඟ පියවර ගැන ඔවුන් රට දිනිය හැකි බව අවිශ්වාසයෙන් තොරව පවසනු ඇත.
එ් විශ්වාසය ඉබේ ආවේ නැත.එක් වූ පිරිස බොහෝ වෙති. ඒ ගැන දෙමටමල්පැලස්ස පාසල සැකසු පෙම්වන්ත පිං වන්තයන්ගෙ සටහනින් පහත කොටස අපි එ් අයුරින්ම තබන්නෙමු.
ගීත් ජීවන්ත මහතාගේ සංගීත ගුරුවරයා වන, එමෙන්ම අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සංගීත ගුරුවරයා වන L.L. රංජිත් රොහාන් මහතා සර්පිනා වාදනයෙන් සහය දැක්වීමට එක්විය. බෙර වාදනය සඳහා අම්පාර උහන ජාතික පාසලේ සිසුන් වන A.G. චලිත හේෂාන්, U. නිමාෂ් අභිෂේක් සහ I. ලක්ෂ්මන් විමලරත්න යන සිසුන් තිදෙනා සහභාගී විය. මෙම සිසුන් සහ බෙර ලබාගැනීමට මෙන්ම පුහුණුවීම් සඳහාද අම්පාර උහන ජාතික පාසලේ නර්තන ගුරුතුමා වන W.M. ප්‍රියන්ත බණ්ඩාර මහතා අපමණ දායකත්වයක් දැක්වීය.


කලාප සංගීත තරඟ වලින් ප්‍රථම ස්ථානය ලබාගෙන, ඉන්පසුව පළාත් සංගීත තරඟ සඳහා පුහුණුවීම් ආරම්භ කරන ලදී. එම අවස්ථාවේදී පැන නැගුනු ගැටළුවක් වූයේ රාත්‍රී පුහුණුකිරීම් කටයුතු කිරීමට විදුලි ආලෝකය සහිත ස්ථානයක් නොමැති වීමයි. ඒ සඳහා තාවකාලිකව පාසලේ විද්‍යාගාරය භාවිතා කරන ලදී. එම අවස්ථාවේදී පන්සලේ ධර්මශාලාව පුහුණුවීම් සඳහා ලබාදීමට කටයුතු කළ දෙමටමල්පැලැස්ස විහාරාධිපති ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්ව ගෞරවයෙන් සිහිපත් කරමු.


පළාත් සංගීත තරඟයෙන්ද ප්‍රථම ස්ථානය ලබාගෙන, මීළඟට සූදානම් වූයේ සමස්ත ලංකා තරඟය සඳහායි. එම අවස්ථාවේදී බස් රථයක් ලබාගැනීමට දෙමව්පියන් විසින් මුදල් එකතු කර කෙසේ හෝ එම අවශ්‍ය මුදල සොයා ගන්නා ලදී.
පුරුදු පුහුණු කළ අංගය ගායන අංශයේ අංගයක් වුවද, එය අලංකාර කිරීම සඳහා අංග චලන යොදාගත යුතු විය. ඒ සඳහා අම්පාර රජගම විද්‍යාලයේ සංගීත ගුරුවරයා වන හිරාන් ලෝචන කුරේ මහතා තමාගේ උපරිම දායකත්වය ලබාදෙන ලදී.
එමෙන්ම ගායන අංගය පුහුණුවීමට වේදිකාවක්වත් නොමැති මෙම පාසලට තම පාසලේ වේදිකාව ලබාදී දායකත්වය දැක්වූ අම්පාර උහන ජාතික පාසලේ විදුහල්පතිනිය H.M. චන්දිමා මහත්මිය ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.
කොළඹ ගමන සඳහා දරු දැරියන් සහ දෙමවුපියන් ඉතාම උනන්දුවෙන් සූදානම් විය. ඒ අතර කිසි දිනෙක කොළඹ දැක නොමැති දරු දැරියන් සහ දෙමවුපියන් පිරිසක්ද විය.
එම ගමනේදී නවාතැන් පහසුකම් සහ ආහාර පාන ලබාදෙමින් තම නොමසුරු දායකත්වය දැක්වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා සහ එම මැතිනිය ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

තරඟ අවස්ථාවේදී පළාත් 9ම නියෝජනය කරමින් පාසල් පැමිණි අතර, එම පාසල් සියල්ල අතුරින් 2023 සමස්ත ලංකා පාසල් සංගීත තරඟයේ, ප්‍රශස්ති හා හටන් – කනිෂ්ඨ (මිශ්‍ර) අංශයේ තෙවන ස්ථානයත්, හොඳම ප්‍රාසාංගික සම්මානයත් දිනා ගැනීමට අම්/ දෙමටමල්පැලැස්ස විද්‍යාලයේ දරු දැරියන් සමත් විය.
මෙම ජයග්‍රහණය දෙමටමල්පැලැස්ස විද්‍යාල ඉතිහාසයේ ප්‍රථම සමස්ත ලංකා ජයග්‍රණය වීමද විශේෂ කරුණකි. මින් පෙර කිසිදු අංශයකින් සමස්ත ලංකා ජයග්‍රහණයක් මෙම පාසල ලබාගෙන තිබුනේ නැත. එම නිසා මෙම ජයග්‍රහණය දෙමටමල්පැලැස්ස විදුහල් ඉතිහාසයේ නොමැකෙන හැරවුම් ලක්ෂ්‍යයකි.


මෙම ජයග්‍රණය පිටුපස සිටි තවත් පිරිසක් ඇත. ප්‍රධාන වශයෙන් අම්පාර අධ්‍යාපන කලාපයේ සංගීත ගුරු උපදේශක දෙපල වන E.A. ආරියරත්න එදිරිසිංහ මහතා සහ S.D. ධම්මි ප්‍රියංකා මහත්මිය සිහිපත් කළ යුතුය. එමෙන්ම තරඟයේ විවිධ අවස්ථාවන් වලදී නන් අයුරින් උපකාර කළ අචිනි මෙනවිය, සහන් කසුන්දක මහතා සහ පේෂලා වෙලගෙදර මහත්මිය සිහිපත් කළ යුතුය. දෙමටමල්පැලැස්ස විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ද සිහිපත් කළ යුතුය. පටන් ගැන්මේ සිට අවසානය දක්වා මෙම දරු දැරියන්ගේ දෙමවුපියන් සහ ගම්වාසීන් දැක්වූ දායකත්වය අපමණය.
තරඟය ජයග්‍රහණයෙන් පසු අම්පාරට පැමිණි සිසු දරුදැරියන් සහ ගීත් ජීවන්ත ගුරු මහතා ඇතුළු පිරිසට ගමේ ජනතාවගෙන් ලැබුනේ උණුසුම් පිළිගැනීමකි. ඔවුන් කිරිබත් පිස, ආහාර පාන සකස් කර තිබූ අතර, ආහාර ගැනීමෙන් අනතුරුව පන්සලේ පිරිත් දේශනාවක් පැවැත්විණි. අනතුරුව රථ පෙළපාලියකින් දරු දැරියන් ඇතුළු පිරිස ගම පුරාම රැගෙන ගොස් පාසලට පැමිණෙන ලදී. එහිදීද සිසු දරුදැරියන් සහ ගීත් ජීවන්ත ගුරු මහතා ඇතුළු පිරිස උණුසුම් ලෙස පිළිගෙන උත්සවයක් පවත්වන ලදී.
……………………………………………………………………………………………………………………………………………………..
මේ සටහනින් දෙමටමල්පැලස්ස දරුවන් තව දුරටත් සුසුවඳ තවරන මල් ලෙස රටෙහි දිදුලවන්නට කැමති පිරිසට පෙමාදර පෙම් සිතින් දායක වන්නට හැකියාව ඇත.අපට ඒ සඳහා ඒ ආදරය සහ දෙමටමල්පැලැස්ස යා කරන සොඳුරු පාලම වන්නට හැකිය.

දෙමටමල් පිපුණු දෙවැටක
සුවඳ දැන් දනි රටතොට
වැට බිඳින්නට සවිය දේ නම්
ලොවත් සුවඳට ඇඳී එනු ඇත

හටන ඇත්තේ ගැයුම් තුළ නොව
කුසත් සටනේ ගිණි මකන්නට
අවුලුවා ගෙන දුකේ කිණිහිර
තැලූ වානේ ගීය පන්නර

නැමී මැටි පිඩවල් වගේ නුඹ
රසේ උස් තැන හැඩ කෙරූ යස
පිපේ දවසක සිහින පොකුණක
කළල් මඩ නැති කුසුම් පොකුරව

(ඉහත තබා ඇත්තේ අපේ සුබ පැතුම පිණිස ජීවිතය හටන් වැද හටන් ගී ජයගත් දූ පුතුනට අප තැබූ උපහාර වචන පේළිය.)



Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan