විනිසුරු නීල් ඉද්දවෙලත් ක්‍රිකට් පෙත්සම් විභාගයෙන් ඉවත් වෙයි!

Date:

කොළඹ LNW:ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම ඩී.එන් සමරකෝන්,නීල් ඉද්දවෙල මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අතර එහිදී නීල් ඉද්දවෙල විනිසුරුවරයා පෙත්සම් විභාග කටයුතුවලින් ඉවත් විය.

ඒ අනුව නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යොමු කෙරුණි.

මීට පෙර නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ද මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් විය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත් කළ අතුරු කමිටුවේ කටයුතු වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

මෙම කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන සදුදා තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාවට අනුවයි අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ගොණු කළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවසුවේ අතුරු කමිටුවේ කටයුතු වළක්වා ලමින් පැන වූ අතුරු තහනම අදින් අවසන් වන බවයි.

එය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉලගහේවා මහතා අධිකරණය හමුවේ කියාසිටියේය.

කෙසේ වෙතත් පෙත්සම ලබන සදුදා සලකා බලනතෙක් ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් නිකුත් කර තිබු ගැසට් නිවේදනය පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ඔහු ප්‍රතිඥාවක් ලබාදුන්නේය. ඒ අනුව පෙත්සම සළකා බැලීම ලබන සදුදා තෙක් කල් තැබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...