බුවනෙක කේවල – යුගල අංශ දෙකෙන්ම අවසන් අට අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): බහරේනයේ ක්‍රියාත්මක බහරේන් ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේදි ශ්‍රී ලංකාව නියෝජනය කරන බුවනෙක ගුණතිලක පිරිමි කේවල් අංශයෙන් සහ විරෙන් නෙත්තසිංහ සමඟ එකව පිරිමි යුගල අංශයෙන් අවසාන අට දෙනා අතරට පිවීසීමට සමත් විය.මේ තරගාවලියේ කේවල තරග අංශයේ ප්‍රමුඛත්වය දිනා සිටි විරේන් නෙත්තසිංහගේ අනපේක්ෂිත පරාජයෙන් පසුව ඔහු ද කැටුව යුගල අංශයෙන් අවසන් අටදෙනා අතරට පිවිසි බුවනෙක සිය අත්දැකීම් සහ නොසැලෙන අධිස්ඨානය පෙරටු කර ගෙන අවසන් අටදෙනා දක්වා කේවල අංශයෙන්ද ඉදිරියට පැමිණීම කැපී පෙනෙන අතර ප්‍රධාන තරග සටහනට ඇතුළත් විමෙන් පසු ඔහු තරග දෙකම වට 2- 1 ක් ප්‍රතිපලයක් ලෙස සුවිශාල දරා ගැනීමකින් ජයග්‍රහණය කරා රැඟෙන යාම කැපී පෙනෙයි.

ඉන්දියාවේ සමර්වීර් සමඟ පැවති 16 දෙනාගේ වටයේ තරගයේදී බුවනෙක ඔහු ඉදිරියේ පළමු වටය 21 – 11 ලෙස පරාජය වුව ද,දෙවන සහ තෙවන වට අධිෂිඨානයෙන් නැඟී සිටිමින් 21 – 18 සහ 21 -17 ලෙස නිමා කරමින් තරගයේ ජයග්‍රහණය නතු කර ගැනීමට සමත් විය.පින්ලන්තයේ ඉක්කා හිනෝ දහසය දෙනාගේ වටයේදී පරාජය කළ බුවනෙකට යුගල තරගවල 16 දෙනාගේ වටයේදී යළිත් හීනෝ සහ ඔහුගේ සහයකයා වූ රොබින් ජන්ටිටි ට මුහුණ දෙන්නට සිඳු විය.ඒ විරෙන්ගේ සහය ඇතිවය.එම තරගය කේවල තරගයට වඩා පහසු ජයකින් නිමා කළ බුවනෙක සහ විරෙන් ලකුණු 21 – 12 සහ 21 -16 ලෙස ජයග්‍රහණය ලබා ගත්හ.
අවසාන අට දෙනාගේ වටයේදී බුවනෙක සහ විරේන් චුයි හී චෙන් සහ සන් වෙන් ජුන් චීන යුගලයට මුහුණ දෙති.බුවනෙක ඒකල තරග අංශයේදී අවසාන අට දෙනාගේ වටයේදී මුහුණ දෙන ප්‍රතිවාදියා ඉන්දියාවේ මන්රාජ් සිං ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...