ලෝකයම බලා සිටි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදු වූ පුදුම සහගත දේ..

0
660

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මීට ටික වේලාවකට පෙර, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත ලෝකයේම අවධානය යොමුවූ බව වාර්තා වේ.

තරගය අතරවාරයේදී පලස්තීනයට සහාය පළකරන අයෙකු එක්වරම ක්‍රීඩාංගණය වෙත දිව යාමත් සමඟ තරගයටද සුළු බාධාවක් එල්ලවිය.

සිදුවීම වූයේ තරගයේ 13වන පන්දුවාරය යොමුකරමින් සිටියදී වන අතර, පලස්තීනයට සහාය පළකරන පුද්ගලයා එක්වරම ක්‍රීඩාංගණයට කඩාවැදී ඉන්දීය පිතිකරු කෝලි ආසන්නයටම දිවයාමට සමත්විය.

වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කඩිනමින් ක්‍රියාත්මකව එම පුද්ගලයා ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමට පියවර ගත්හ.

ලෝක කුසලානයක් අතර මෙවන් සිදුවීමක් ඇති වීම ලෝකයේම අවධානයට සහ මොහොතක තැති ගැන්මක් ඇති කළේය

https://www.facebook.com/watch/?v=1515336169240459

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??