ගාසා ගැටුමේ ‘යුද අපරාධ’ අවසන් කරන්න – BRICS

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව, එක්සත් ජනපදය ආදී නැගී එන ආර්ථිකයන් ගෙන් සැදුම්ලත් BRICS සමුළුව මෙවර ආර්ථික ගැටලු විසඳීමට වඩා ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය අවසන් කරන ලෙසත්, ගාසා තීරයේ වේගයෙන් පිරිහෙමින් පවතින මානුෂීය අර්බුදය සමනය කිරීම සඳහා දෙපාර්ශවයේම සතුරුකම් නතර කර යුධ අපරාධ නතර කරන ලෙසත් ඉල්ලා ඇති බව වාර්තා වේ.

දකුණු අප්‍රිකාව විසින් කැඳවා තිබූ මෙවර BRICS සමුළුව රටවල් හයේ නායකයින් ද සහභාගී වූ අතර මෙවර සමුළුව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ද සම්බන්ධ විය.

BRICS රටවල් ලෝක ජනගහනයෙන් සියයට 40ක් සහ ගෝලීය ආර්ථිකයෙන් හතරෙන් එකක් නියෝජනය කරන අතර 2024 වසරේ සිට ඊජිප්තුව, ඉතියෝපියාව, ආර්ජන්ටිනාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉරානය සාමාජිකයන් ලෙස පුළුල් කිරීමට සහ එක් කිරීමට ද ඔවුන් එකඟ වී ඇත.

ඔක්තෝබර් 7 වන දින හමාස් සන්නද්ධ කණ්ඩායම විසින් ඊශ්‍රායල ප්‍රජාවන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව ඇති වූ ගැටුම් හේතුවෙන් මේ වන විට දරුවන් 5,600ක් ඇතුළුව 14,100ක් මියගොස් ඇති අතර ඊශ්‍රායල් වැසියන් 240ක් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින අතර 1,200ක් මියගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...