උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු නානුඔය දක්වා සීමා වේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ, උඩුවර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ නායයෑමක් සිදුව ඇත.

මේ අතර, උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නානුඔය දක්වා සීමා කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ , පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දුම්රිය මාර්ගයට ගල් පෙරළීම් සහ පස් කදු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමග පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ සමනලවැව හල්පේ ප්‍රදේශයෙන් අවහිර වී ඇති අතර, එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා වී ඇති බව පොලීසිය නිවේදනය කරයි.

පසු කඳු කඩා වැටීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයෙන් සහ සීලගම ප්‍රදේශයෙන් ද අවහිර වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වන අතර එම මාර්ග භාවිතා කරන්නන් සැලකිලිමත් වන ලෙසද දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...