සෞඛ්‍ය අවශ්‍යතා රැසකට අවශ්‍ය සිරින්ජර වර්ග රැසක ගිඟයක් – රවී කුමුදේශ්

Date:

මිලිලීටර 10 සහ මිලිලීටර 20 ට ආදාල සිරින්ජරන් කිසිවක් වෛද්‍ය සැපයීම් අංශයෙහි නැහැ.

අනුමත කල සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය විසින් අත් හිටුවා ඇති බැවින් හිඟ සිරින්ජර නැවත ලැබීමද විශාල ලෙස ප්‍රමාද වන තත්වයක් මතු වෙලා. ඇතැම් සිරිර්න්ජර තුල ජල වාශ්ප ඇතුළු විවිධ තෙල් වර්ග වලින් අපිරිසිදු වී තිබීම පිළිබඳව විශාල ලෙස පැමිණිලි ලැබීම එම තහනම් කිරීමට හේතුවක් වී ඇත.

මිලි ලීටර 5 ප්‍රමාණයේ සිරින්ජර පමණක් කුඩා ප්‍රමාණයේ තොගයක් පවතින නමුත්, මිලි. 20, සහ මිලි 10 සිරින්ජර අවශ්‍යතාවයන් සඳහාත් එම සිරින්ජර වැඩි වශයෙන් යෙදවීමට සිදු වීම හේතුවෙන් එම සිරින්ජර තොගයද ඉදිරි මාසයේදි ඉවර වීමට නියමිතය.

බොහෝ ඖෂධ රෝගීන්ට ලබා දීම සඳහාත්, රුධිර පරීක්ෂණ ඇතුලු සේවාවන් රැසක් සඳහා මෙම සිරින්ජර අත්‍යවශ්‍ය බැවින්, ඖෂධ තිබියදී පවා ඒවා රෝගීන්ට ලබා දීමට නොහැකි තත්වයක් මතුවීම හේතුවෙන් සත්කාර සේවාවේ බරපතල අර්බුධයක් මතු වෙමින් තිබේ.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමකින් 8 දෙනෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ඓතිහාසික රතු...

සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නිව්යෝක්හි පළමු...

ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : වසර දහයකට පසු...