සෞඛ්‍ය අවශ්‍යතා රැසකට අවශ්‍ය සිරින්ජර වර්ග රැසක ගිඟයක් – රවී කුමුදේශ්

මිලිලීටර 10 සහ මිලිලීටර 20 ට ආදාල සිරින්ජරන් කිසිවක් වෛද්‍ය සැපයීම් අංශයෙහි නැහැ.

අනුමත කල සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය විසින් අත් හිටුවා ඇති බැවින් හිඟ සිරින්ජර නැවත ලැබීමද විශාල ලෙස ප්‍රමාද වන තත්වයක් මතු වෙලා. ඇතැම් සිරිර්න්ජර තුල ජල වාශ්ප ඇතුළු විවිධ තෙල් වර්ග වලින් අපිරිසිදු වී තිබීම පිළිබඳව විශාල ලෙස පැමිණිලි ලැබීම එම තහනම් කිරීමට හේතුවක් වී ඇත.

මිලි ලීටර 5 ප්‍රමාණයේ සිරින්ජර පමණක් කුඩා ප්‍රමාණයේ තොගයක් පවතින නමුත්, මිලි. 20, සහ මිලි 10 සිරින්ජර අවශ්‍යතාවයන් සඳහාත් එම සිරින්ජර වැඩි වශයෙන් යෙදවීමට සිදු වීම හේතුවෙන් එම සිරින්ජර තොගයද ඉදිරි මාසයේදි ඉවර වීමට නියමිතය.

බොහෝ ඖෂධ රෝගීන්ට ලබා දීම සඳහාත්, රුධිර පරීක්ෂණ ඇතුලු සේවාවන් රැසක් සඳහා මෙම සිරින්ජර අත්‍යවශ්‍ය බැවින්, ඖෂධ තිබියදී පවා ඒවා රෝගීන්ට ලබා දීමට නොහැකි තත්වයක් මතුවීම හේතුවෙන් සත්කාර සේවාවේ බරපතල අර්බුධයක් මතු වෙමින් තිබේ.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...