පුටින්ගේ හමුදා කිව් අගනුවරට කඩාවදී ! යුරෝපය මා තනි කළා – යුක්රේන ජනපතිගෙන් මැසිවිලි

Date:

රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ අගනුවර වන කිව් නරගයේ බලය අත්පත් කර ගනිමින් සිටින බව වාර්තා වේ. යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයද මේ බව තහවුරු කර තිබෙනවා.

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගත් රුසියානු හමුදා ඉන් අනතුරුව කිව් අගනුවර අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර දිගින් දිගටම අගනුවර දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළේය. මිසයිල ප්‍රහාර හමුවේ අගනුවර අතහැර දමා යාමට යුක්රේන ජනතාව කටයුතු කළ අතර මෙරට වේලාවෙන් පස්වරු වනවිට රුසියානු භටයන් කිව් අගනුවර සීමාවට ඇතුළු වී තිබෙනවා.

නගරය වෙත පැමිණෙන සතුරු හමුදා භටයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේන හමුදා මාර්ගවල ආරක්ෂක මුරපොලවල් යොදා තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. යුක්රේන ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා තිබෙන්නේ පෙට්‍රල් බෝම්බ සාදාගෙන සතුරු හමුදාවලට මුහුණදීමට සූදානමින් සිටින ලෙසයි.

යුක්රේන හමුදා වාර්තා පවසන්නේ රුසියානු හමුදා භටයන් 800 ක් මරා දැමීමට සමත් වූ බවයි. මීට අමතරව රුසියානු යුද ටැංකි 30 ක්, සන්නද්ධ රථ 130 ක්, හෙලිකොප්ටර් 06 ක් සහ ප්‍රහාරක යානා 07 ක් විනාශ කිරීමට සමත් වූ බවද යුක්රේන වාර්තා පවසනවා.

මේ අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ බටහිර රටවල් විසින් යුක්රේන ජනතාව රැවටීමට ලක්කර ඇති බවයි.

යුද්ධයක් ඇති වුවහොත් යුක්රේනය සමග සිටින බවට පොරොන්දු වූ සියලු රටවල්, අවසන් මොහොතේදී යුක්රේනය තනිකළ බවත්, යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනය පමණක්ම බවත් ඔහු පවසා තිබෙනවා.

නේටෝ සංවිධානයද රුසියාවට බිය වී යුක්රේන ජනතාව තනි කිරීමට කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර උසස් පෙළ විභාගය ගැන විශේෂ තොරතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : මෙම වසරට...

ජාතික නිදහස් පෙරමුණෙන් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

ස්වාධීන කණ්ඩායම් අංක 02න් නාවලපිටිය නගර සභාවට නව සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : නාවලපිටිය නගර සභාවේ...

උපුල්දෙණිය යළි රිමාන්ඩ්!

කොළඹ LNW:වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස්...