හදිසි ජල බිඳවැටීමක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලස්ගමුව, කොළොන්නාව යූසී ප්‍රදේශ, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වන අතර, ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසුවේ, අදාළ අලුත්වැඩියා කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...