IOC ඉන්ධන මිල යළි ඉහළ දමයි. පෙට්‍රල් ලීටරය රුපියල් 200 ඉක්මවයි !

Date:

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව එම සමාගම ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර පෙට්‍රල් මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20 කිනි.

මේ සමග මෙතෙක් රුපියල් 184ක් ව පැවති එම සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204ක් වේ.

එසේම මෙතෙක් රුපියල් 124ක්ව පැවති එම සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 139ක් වනු ඇත.

ලංකා IOC සමාගම පසුගිය පෙබරවාරි 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවූ අතර ඒ අනුව එම සමාගම මේ මාසය තුළ පමණක් දෙවතාවකදී විශාල අගයකින් ඉන්ධන මිල වැඩිකර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...