ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2023 වසර තුළ බිලියන 1.8 ක ආයෝජන රැස් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආර්ථික අවපීඩන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගෙන ඇති බව සහ ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටී.

ඊයේ (24) දින ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පැවති මෙම වසර තුල ගිවිසුම්ගත වූ ආයෝජකයින්ගේ ගැටළු විමසීම, ප්‍රගති සමාලෝචනය සහ දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුල අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා ඉහල නංවා ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමත්ව ඇත. මෙහිදී වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ පෙර වසරට සාපේක්ෂව විදේශ ආයෝජන ව්‍යාපෘති අත්පත් කර ගැනීම 122%ක වර්ධනයක් පෙන්වීමයි.

නමුත් පසුගිය වසරට සාපේක්ෂව දේශීය ආයෝජන වල පෙන්වන්නේ මන්දගාමී තත්ත්වයකි.

එසේම මෙම වසරේ මෙරට බලශක්ති කේෂ්ත්‍රයේ දිශානතිය නව මගකට යොමු කරවන නව ව්‍යාපෘති කිහිපයකට අනුමැතිය ලබා දීමට ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හැකි වී ඇත. බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ ආයෝජන වටිනාකම් ඇති Adani Corporation, Sinopec, RM Parks – (Shell සමග) වැනි ආයෝජන ව්‍යාපෘති මඟින් ඉදිරියේදී මෙරට බලශක්ති ක්ෂේත්‍රය කැපී වෙනසට ලක් කරනු ඇත.

තවද, සංචාරක,තොරතුරු තාක්ෂණ, සන්නිවේදන සහ නිෂ්පාදන යන කේෂ්‍ත්‍රවලද කැපි පෙනෙන ආයෝජනයන් දක්නට ලැබෙන අතර, චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, හොංකොං, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ප්‍රංශය, කොරියාව, ජර්මනිය සහ සිංගප්පූරුව යන රටවල් 2023 මෙම කාල සීමාව තුළ ආයෝජන වයපෘති වලට සම්බන්ධ වන රටවල් වෙ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුන් පිම්මට පෙර සඳරුවන් පැන්න පිම්ම ගැන සරසවි අධ්‍යාපනය පසුපසට පැනීමේ කතාවක් නැද්ද?

නිශ්මං රණසිංහ ජූලි 25, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපීමේ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ...

ජෙට් යානය කඩා වැටීමෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට ඉන්දියාවෙන් වෛද්‍ය කණ්ඩායමක්!

රෂිකා හෙන්නායක ජූලි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): : ඩකා අගනුවර...

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා රිමාන්ඩ්

ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කළ ජීප් රථයක සිද්ධියක්...