රන්ජන් වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවට යනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ඊයේ (25) පෙරවරුවේ ගිය විපක්ෂ නායකවරයා ඉන්න අනතුරුව මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

“රන්ජන් රාමනායක ජනතාවාදී මානව හිතවාදියාගේ නිදහස වෙනුවෙන් අදටත් අපි ප්‍රජාතන්ත්‍රවාදී සටන සහ අරගලයේ සිටිනවා. විශේෂයෙන් ම එතුමා සිරගත වී සිටීම අපටත් රටටත් දැනට පාඩුවක් හැටියටයි මම දකින්නේ. අද වගේ දවසක රන්ජන් රාමනායක මැතිතුමා නිදහස්ව සිටියානම් මේ රටේ දුක්විඳින ජනතාවගේ දුකට පිහිට වන්නට එතුමා ඉමහත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. පුන පුනාම ගරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කළා රංජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා. ඊයේ දවසේත් අද දවසෙත් අපි ඒ ඉල්ලීම ඉදිරිපත් කළා. නමුත් තවමත් එතුමාට ඒ නිදහස ලැබිලා නෑ. අපි කාරුණිකව මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා නැවතත් ඉල්ලනවා.

ඒ වගේම අපේ බලාපොරොත්තුව අපේ අදහස රංජන් රාමනායක මැතිතුමාගේ පූර්ණ නිදහස මේ රට තුළ දිනා ගැනීමයි. අපිට කිසිසේත්ම වුවමනාවක් නැහැ වෙනත් පිටස්තර ප්‍රවාහයක් හරහා එය දිනා ගැනීම ලබාගැනීමට. නමුත් දේශීයව අපට ඒ ජයග්‍රහණය ලබන්න බැරි නම් අපට සිදු වෙනවා මේ මානව හිතවාදියාගේ නිදහස වෙනුවෙන් කළ හැකි සියලුම නීතයානුකූල ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ඉෂ්ට කරන්න. හැබැයි ඒ ක්‍රියාදාමය තුළ අපි කිසිලෙසකත් අපේ රට, අපේ මාතෘභූමිය, ස්වෛරිත්වය, භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය, මානව අයිතිය මානව නිදහස කෙළෙසන්න ට උල්ලංඝනය කරන්නට අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ මන්ද අපි සැබෑ දේශප්‍රේමීන්. අපි සැබැවින්ම රටට ආදරය කරන මේ මාතෘ මාතෘභූමියේ ජනතා සේවකයින්. ඒ නිසා අපේ ඒකායන අරමුණ රන්ජන් රාමනායක මැතිතුමාගේ පූර්ණ නිදහස දිනා ගැනීමයි . ඒ උදෙසා අපි දේශීයව සහ විදේශීයව අපට ප්‍රජාතන්ත්‍රවාදී ම නිත්‍යානුකූලව කළ හැකි ඉහළම කාර්යභාරය අපිට කරන්නට කැප වෙනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...