ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අනුග්‍රහයෙන් රක්‍ෂණ තැරැව්කරුවන් අගය කිරීමේ රාත්‍රියක්!

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) රටේ රක්‍ෂණ ක්‍ෂේත්‍රය සඳහා රක්‍ෂණ තැරැව්කරුවන්ගේ සැලකිය යුතු දායකත්වය අගය කිරීම සඳහා විශේෂ උත්සවයක් පවත්වන ලදී.

කොළඹ හිල්ටන් හිදී පැවති මෙම උත්සවයේදී රක්‍ෂණ ක්‍ෂේත්‍රය නඟා සිටුවීමට සහ ආර්ථිකයට දායක වීමට රක්ෂණ තැරැව්කරුවන් විසින් ඉටු කරනු ලබන අත්‍යවශ්‍ය කාර්යභාරය එහි දී ඇගයීමට ලක් කෙරිණි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) විසින් තැරැව්කරුවන්ගේ උත්සාහය අගයමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම උත්සවය මෙවර සුවිශේෂී විය. එනම් ඔවුන්ගේ විශිෂ්ට කැපවීම වෙනුවෙන් ප්‍රවීණ තැරැව්කරුවන් පස් දෙනෙකුට උපහාර පිරිනැමීම මෙවර සිදු කිරීමයි.

නිහාල් සේනාරත්න, හේමා විජේරත්න, වර්නන් එදිරිසිංහ, වික්ටර් කොලඹගේ, සහ රේ පොම්පියස් යන මහත්වරුන් වසර 50-70 දක්වා වූ විශිෂ්ට සේවා වාර්තාවලට හිමිකම් කියූ අය අතර වෙති.

මෙම අවස්ථාවට රක්ෂණ තැරැව්කාර සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන පුද්ගලයින් ද සහභාගී විය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...