නාවික හමුදාවට එරෙහි 11 දෙනා ගේ නඩුව යළි කරළියට! අලුත්කඩේ දී අද විරෝධතාවකුත්!

Date:

කොළඹ LNW:“අපේ නඩුව අසවු” යන මැයෙන් අද (29) උදෑසන අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඒ 2008 දී එකොළොස් දෙනෙකු නාවික හමුදා කප්පම් කල්ලිය විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිදුවීම්ට අදාළ නඩුව විභාග කරන ලෙස බල කරමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙක් චෝදනා ලබා සිටිති.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබුණු මෙම නඩුව ද 2020 වසරේ දී අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල අධිකරණයකට යොමු කරන ලදී.

ඒ අනුව ත්‍රිපුද්ගල අධිකරණය මෙම නඩුවට අදාළව මෙතෙක් සාක්ෂි විභාග කිරීම ආරම්භ කර නැති බවයි අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව පවසන්නේ.

වහාම එම සාක්ෂි විභාගය ආරම්භ කරන ලෙස අද පැවති විරෝධතාවයේ දී එම පවුල් එකමුතුව විසින් බල කර සිටී.

2003 වසරේ සිට එම සිදුවීමට මේ වන විට වසර පහළොවක් ගත්ව ගොස් ඇති අතර සිද්ධියට අදාළව චූදිතයින් 14 දෙනකුට එරෙහිව චෝදනා 667ක් එල්ල කර ඇත.
එමෙන්ම දෙසීයකට ආසන්න පිරිස්කගෙන් සාක්ෂි විමසා තිබිණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිපුනි වාසනා පෙරට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන අවුරුදු 17...

බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට...

ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට, LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයන්ගේ ආදර...