නාවික හමුදාවට එරෙහි 11 දෙනා ගේ නඩුව යළි කරළියට! අලුත්කඩේ දී අද විරෝධතාවකුත්!

කොළඹ LNW:“අපේ නඩුව අසවු” යන මැයෙන් අද (29) උදෑසන අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඒ 2008 දී එකොළොස් දෙනෙකු නාවික හමුදා කප්පම් කල්ලිය විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිදුවීම්ට අදාළ නඩුව විභාග කරන ලෙස බල කරමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙක් චෝදනා ලබා සිටිති.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබුණු මෙම නඩුව ද 2020 වසරේ දී අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල අධිකරණයකට යොමු කරන ලදී.

ඒ අනුව ත්‍රිපුද්ගල අධිකරණය මෙම නඩුවට අදාළව මෙතෙක් සාක්ෂි විභාග කිරීම ආරම්භ කර නැති බවයි අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව පවසන්නේ.

වහාම එම සාක්ෂි විභාගය ආරම්භ කරන ලෙස අද පැවති විරෝධතාවයේ දී එම පවුල් එකමුතුව විසින් බල කර සිටී.

2003 වසරේ සිට එම සිදුවීමට මේ වන විට වසර පහළොවක් ගත්ව ගොස් ඇති අතර සිද්ධියට අදාළව චූදිතයින් 14 දෙනකුට එරෙහිව චෝදනා 667ක් එල්ල කර ඇත.
එමෙන්ම දෙසීයකට ආසන්න පිරිස්කගෙන් සාක්ෂි විමසා තිබිණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...