පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදුලි සෝපානයක සිරවෙයි !

Date:

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපානයක් එක්වරම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එම විදුලි සෝපානයේ ගමන් කරමින් සිටි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පැය බාගයක පමණ කාලයක් එහි සිරවී සිටි බව වාර්තා වේ.

මහජන දිනය වෙනුවෙන් ඊයේ (27) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මන්ත්‍රීවරයා පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවකයින් සහ එහි සිටි පොලිස් නිලධාරීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා මන්ත්‍රීවරයාව සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාව පිටතට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...