හිටපු ඇමති නසීර් අහමඩ් කෝටි 20ක රජයේ වාහන ගෙදර අරන් ගිහින්ද ?

Date:

අධිකරණ තීන්දුවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ නසීර් අහමඩ්, ඔහු පරිසර ඇමැති ධුරය දරමින් සිටි කාලයේ දී භාවිතා කරන ලද අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක් යළි භාර නොදී තම පෞද්ගලික පාවිච්චි යොදාගෙන ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාකර ඇත.

එම මාධ්‍ය වාර්තාවලට අනුව, රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමින් යුත් මෙම වාහන දෙක අමාත්‍යවරයාට රජය විසින් නිකුත් කර තිබූ නිල වාහන දෙකකි.

මෙම වාහන දෙක ආපසු භාර නොදීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය විසින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඔහු ඊට පිළිතුරු දක්වා ඇත්තේ එම වාහන දෙක ජනාධිපති ලේකම් කාර්යාලය භාරදීමට කටයුතු කර ඇති බවයි. නමුත් මේ වන තුරුත් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත එම වාහන භාරදී නැති බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඇත්ත – නැත්ත !

මේ සම්බන්ධයෙන් අප ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුයේ, හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කරන ලද අංක CAU – 4118, CAS – 9010 දරණ රථ දෙක 2023.11.08 දින ඔහු විසින් ජනාධිපති කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව, ජනාධිපති කාර්යාලය වෙත භාර දුන් අංක CAU – 4118 සහ CAS – 9010 දරන ජීප් රථ මේ වනවිට ජනාධිපති කාර්යාලයේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුතුවල යොදවා ඇති බවද එම නිලධාරියා පැවසිය.

ඒ සම්බන්ධව පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාව දැනුවත් කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවාහන), බුද්ධික ජයතිස්ස විසින් යොමුකර ඇති ලිපියක මෙසේ සඳහන් වේ.

~ The Leader

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...