රොෂාන් ඉවත් කිරීමට පෙර චෝදනා දෙකක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): රොෂාන් රණසිංහ ඉවත් කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් ඔහුට චෝදනා දෙකක් කර තිබෙනවා.ඉන් එක් චෝදනාවක් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔහු ක්‍රිකට් සම්බන්ධයෙන් හැසිරි තිබෙන ආකාරයට සම්බන්ධයි.දෙවන කාරණයේදි ජනාධිපතිවරයා මතු කර ඇත්තේ මහවැලි ඉඩම් බෙදා දීමේදී රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කටයුතු කර තිබෙන ආකාරයයි.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයි විසින් කැබිනට් අනුකමිටුවක් පත්කර තිබියදී,රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ කාර්යාලයට ගොස් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේද මැදිහත්වීම ඇතුව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට කතා කිරීම ක්‍රිකට් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඔහුට ඉදිරිපත් කළ චෝදනාවයි.ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ නම් දෙරට අතර දේශපාලන අර්බූදයක් මතුවන තරමින් පාර්ලිමේන්තුවේදී නම් පවා ප්‍රකාශ කරමින් මතු කළේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා යි.තවමත් ඒ ආකාරයටම සමාජය ඉදිරියේ පෙනී සිටිමින් ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය පසුපස ප්‍රශ්නය විසඳා ගැනීමට අමාත්‍යවරයා යනු ඇතැයි සාමාන්‍ය සමාජයට විශ්වාස කළ නොහැකි වුව ත් ජනාධිපතිවරයාගේ මේ චෝදනාවට ඔහු කිසිවක්ම ප්‍රකාශ කරන්නට ගියේ නැති බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙනවා.


ඉනික්බිති රොශාන් රණසිංහ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ IR/2023/57 අමාත්‍ය මණ්ඩල සදේශයෙන් ඉඩම් ලබා දීමට නිර්දේශ කර ඇති බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී හිතමිත්‍රයන් වීම ගැන ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.ඒ සම්බන්ධයෙන් ද රොශාන් රණසිංහ අමාත්‍යවරයා කිසිවක් ප්‍රකාශ කරේ නැති බවයි කැබිනට් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
කැබිනට් ආරංචි මාර්ගවලට අනුව රොෂාන් රණසිංහ දරන ලද අමාත්‍ය පදවිවලින් ඉවත් කළ බවට අදාළ ලිපිය ලබා දි ඇත්තේ ඉන් අනතුරුවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...