මසකට ලක්ෂ 42ක් වැය වූ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යංශය ගැන ඇමති තීරණක් ගනී!

කොළඹ LNW:ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ තමාට වෙන්වූ කාර්යාල කාමරය පාවිච්චි කරන්නැයි හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාට පවසා ඇති අතර තමා සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන හෙයින් එම අමාත්‍යංශයේ සිට අදාළ රාජකාරී කටයුතු සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට ද දැනුම් ඇත.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලී පදනම මත පවත්වාගෙන ගිය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයට මසකට රුපියල් ලක්ෂ 42ක් පමණ වැය වන හෙයින් මෙම තීරණය ගත් බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්න.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ල කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීමෙන් වසරකට ඉතිරි වන රුපියල් කෝටි පහකට ආසන්න මුදල ක්‍රීඩා සංවර්ධන අරමුදලට බැර කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...