මහමඟදී රු. ලක්ෂ 5ක් වටිනා පිළිකා එන්නත් විකුණූ අයෙකු පොලිස් දැලේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පිළිකා රෝගීන්ට දෙන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා එන්නත් රුපියල් ලක්ෂ 5ක් පමණහා ඖෂධ වර්ග 16ක් අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට මෙමෙ පුද්ගලයා මෙලෙස ඖෂධ අලෙවි කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීමකදී ඔහු පවසා ඇත්තේ, සිසිලස රැඳෙන පෙට්ටියක් තුළ ඇසිරූ එන්නත් හා ඖෂධ තමා අළෙවි කළේ, අලෙවි නියෝජිතයෙකු තමන් වෙත යොමුකරන රෝගීන්ට බවය.

සැකකරු 24 හැවිරිදි පුද්ගලයෙකි.

එමෙන්ම අදාළ ඖෂධ තමා වෙත අළෙවි කිරීම සඳහා ලබාදුන්නේ ද එම අලෙවි නියෝජිතයා බව සැකකරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති අතර, මහමගදී අලෙවි කළ පිළිකා ඖෂධ මෙරට ලියාපදිංචිකර ඇතිද යන්න සොයාබැලීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත යොමුකිරීමට නියමිත අතර, බැඳුම්කර ඇප මත මුදාහැරි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...