ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් අලුත් සූත්‍රයක්?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත්තේ, ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව විශ්‍රාමික දීමනා ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.

විශ්‍රාමිකයන්ගේ මරණ කඩිනමින් වාර්තා කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක අවශ්‍යතාවය පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමු වී ඇත.

එමෙන්ම ආබාධිත හා වැඩිහිටි දීමනා ප්‍රතිලාභීන් අස්වැසුම යටතේ සකස් කෙරෙන සමාජීය ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස ද කාරක සභාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.

එහිදී සක්‍රීය විශ්‍රාමිකයන් ලක්ෂ 7 කට අධික ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව සිටින බව දෙපාර්තමේන්තුව පාර්ශවයෙන් මෙහිදී අනාවරණය වූ අතර, යම් පිරිසක් පරීක්ෂණ, මියයාම් යනාදී හේතු නිසා සක්‍රීය තත්ත්වයේ නොසිටින බවත් හෙළිව ඇති බවද වාර්තා වේ.

මෙම රැස්වීම සඳහා, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, විශ්‍රාමිකයන්ගේ සංගම් නියෝජිතයන් ද, කැඳවා තිබූ බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ...

කාලෙකට පස්සෙ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: සෑහෙන කාලයකට පසුව ශ්‍රී...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...